Posts

අළු මතින් නැවත ඇරඹෙන රුසියානු - යුක්‍රේන අර්බුධය

Image
සෝවියට් සමූහාණ්ඩුව 1991 දී බිද වැටීමත් සමග ඒ වන තෙක් සෝවියට් සමූහාණ්ඩුවේ සාමාජිකයෙක් වූ යුක්‍රේනය ස්වාධීන ආර්ථික , දේශපාලන හා සමාජීය ගමන් මාර්ගයකට නැබුරුවිය. ඒ උනත් තම පැරණි සගයා වූ සෝවියට් රුසියාව සමග සැමවිටම යහපත් සම්බන්ධතා පවත්වාගෙන යෑම ඔවුන්ගේ අරමුණ විය. එයට හොදම උදාහරණය වන්නේ දැඩි රුසියානු ගැති පාලකයෙකු වූ Victor Yanukovych ගේ පාලන සමයයි. ඇතැම් අවස්ථා වලදී ගැටලු මතු වුවද බොහෝ විට යහපත් සබදතා පවත්වාගෙන යෑමට මෙම රාජ්‍ය දෙකට හැකි විය. කෙසේ උනත් මෙම රටවල් දෙක නොවිසිදුනු දේශපාලන අර්බුධයකට මැදිහත් වෙන්නේ 2013 දීය. එවකට යුක්‍රේන ජනාධිපති වූ Victor Yanukovych විසින් යුක්‍රේන - යුරෝපානු සම්මුතිය අවසන් කොට රුසියාව වෙත නැඹුරු වීමට කටයුතු කිරීමට තීරණය කිරීමත් සමගය. මෙයට විරුද්ධ වූ සාමාන්‍ය ජනතාව දැඩි විරෝධතා අරගලයක් ආරම්භ කල අතට යුක්‍රේන ජනාධිපති ඇතුලු බොහෝ අමාත්‍යවරු රටින් පලා ගියේ මෙම තත්වය සමතයකට පත් කරගැනීමට නොහැකි වීමත් සමගය. ඒ අනුව අරගලකරුවන් සාර්ථක වූ අතර යුක්‍රේනයේ බලය විපක්ෂය විසින් ලබාගෙන තව දුරටත් යුරෝපානු සංගමය සමග රැදී සිටීමට තීරණය කරන ලදි.මෙම තත්වය උඩ එවකට යුක්‍රේනයට අයිති වූ ක්

ඇෆ්ගනිස්තානය ගිනිගත් තලෙයිබාන් ප්‍රහාර

Image
2001/09/11 කියන්නේ ඇමරිකාව බලාපොරොත්තු නොවුන දිනයක්. එවකට ලෝක බලවතා විදිහට හිටපු ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ඔසාමා බින් ලාඩන් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වෙද්දී ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් වරුන්ගේ ආරක්ෂාව මත හිටියේ. තලෙයිබාන් කියලා කියන්නේ සෝවියට් රුසියාවට එරෙහිව පැවති සිවිල් යුද්ධයෙන් පස්සේ ඇෆ්ගනිස්තානයේ බලය ලබා ගත් පිරිස. 09/11 ප්‍රහාර වලින් පස්සේ ඇමරිකාව ප්‍රමුඛ පිරිස තලෙයිබාන් වරුන්ට ප්‍රහාර එල්ල් කොට පරාජය කර 2004 දී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා හමීඩ් කර්සායි ව 2005 දී ඇෆ්ගනිස්තානයේ ජනාධිපති බවට පත් කරනවා. 2001 ඉදලා වසර 20 ක් තුළ තලෙයිබාන් වරු මරාගෙන මැරෙන බෝම්බ සහ තවත් ප්‍රහාර රාශියක් දියත් කරනවා ඒ උනත් 2020 තලෙයිබාන් වරු සහ ඇමරිකාව අතර සාමය සදහා ඇති වූ එකගතාවය මත ඇමරිකානු හමුදා වසර 20 කට පස්සේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙනවා. 2021 මැයි මාසයේ ඉදලා තලෙයිබාන් වරු සහ අල් කයිඩා එකතු වී ඇෆ්ගනිස්තාන් ආණ්ඩුවට එරෙහි විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙද්දී ඇමරිකාව ඇතුළු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙලා ඉන්න එකත් මේ මිලිටරි කණ්ඩායම් වලට වාසියක් වෙනවා. මේ මාස තුනක

Operation Wrath of God

Image
  ඊශ්‍රායල පලස්තීන් ගැටුම් උග්‍ර වෙච්ච මේ කාලේ ලෝක ප්‍රසිද්ධ ‍යුධ මෙහෙයුමක් ගැන ලියන්න හිතුනා. ඊශ්‍රායල පලස්තීන් ගැටුම් 1948 තරම් ඈත කාලෙට යනවා. මේ දශක 7-8 පුරාවටම නිරන්තරයෙන් මේ රටවල් දෙක අතර යුධගිනි ඇවිලුනා. ඒ අතරින් operation wrath of God කියන්නේ ඉතාම සුවිශේෂි සන්දිස්තානයක්. 1972 වසර කියන්නේ බටහිර ජර්මනිය විසින් ලෝක ඔලිම්පික් තරගාවලිය සදහා සත්කාරය ලබාදීපු වර්ෂය. හැම රටකින්ම වගේ මේ තරගාවලියේ විවිධ ඉසව් සදහා තම රට නියෝජනය කරමින් පිරිස් එවනවා. ඊශ්‍රායල් කණ්ඩායමත් මේ විදිහට ජර්මනියේ මුනිච් නගරයට පැමිණෙනවා. ඒ වන විටත් PLO පලස්තීන නිදහස් සටන්කාමීන් විසින් Black september එහෙමත් නැතිනම් මෙම ඊශ්‍රායල් කණ්ඩායම් පැහැර ගැනීමට කටයුතු සූදානම් කර තිබුනේ. බොහොම අවාසනාවන්ත විදිහට ඊශ්‍රායල් කණ්ඩායමේ 11 දෙනෙකු සිය ජීවිතයෙන් සමුගෙන මෙම Munich Massacre එක අවසන් වන්නේ ඊශ්‍රායලයම කම්පාවට පත්වෙමින්. මෙම මෙහෙයුම පටන් ගන්නේ එතන ඉදලා. Black september එකට සම්බන්ධ සියලුම ත්‍රස්ත්‍රවාදීන් ඝාතනය කිරීමට ඊශ්‍රායල් බුද්ධි අංශය වෙච්ච මොසාඩ් එක රටට් දිවුරුම් ලබා දෙනවා. 1972 ඊශ්‍රායල් අගමැති Golda Meir ගේ වචනයෙන් '

ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය

Image
1936 වසරේදී ඇමරිකාවේ මීළග ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණය පැවත් වීමට නියමිතව තිබුණා. 1929 දී මුලු ලෝකයටම බලපෑ දරුණු ආර්ථික පරිහානිය නිසා wall street ඇතුලු සමස්ත ඇමරිකානු ආර්ථිකය බටකෑපු යුගයක් තුළ ඇමරිකානු අනාගතය තීරණය කරනු ලබන මැතිවරණයක් බවට මෙය පත් උනා. එමෙන්ම 1939 දී ලොව ඇරඹු දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබදව ලෝක වාසී ජනතාවට ඉගි ලබා දෙන හිට්ලර් ගේ ක්‍රියාකලාපයද මේ වෙද්දී ඇමරිකාවට දැනිච්ච කාලයක්. 1936 දී ඇමරිකාවේ ජනාධිපති වීමට තරගවදින්නේ ඩිමොක්‍රටික් අපේක්ශක ෆ්‍රෑන්ක්ලීන් රූස්වේල්ට් ට එරෙහිව (Franklin D. Roosvelt) රිපබ්ලිකින් අපේක්ශක ඇල්ෆ් ලැංඩන් (Alf Landon). මෙම මැතිවරණයට තරග වදින විටත් ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් ඇමරිකානු ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටියේ 1932 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්. රූස්වෙල්ට් තම පළමු ධූරකාලයේදී බිදවැටුණු ආර්ථිකය නැවත ගොඩනගන්න New Deal ලෙස ආර්ථික සැලැස්මක් හදුන්වා දෙනු ලැබුවා. ඒ වගේම ඒ පිළිබදව දැඩි ජනප්‍රසාදයක් තිබුණු නිසා රූස්වෙල්ට් ට වැඩි වාසියක් මැතිවරණයේදී තිබුණා. එනමුත් මැතිවරණ ප්‍රතිඵලය කිසිවෙකුත් බලාපොරොත්තු නොවුන මට්ටමේ ජයග්‍රහ

චීනෙ බල මඩින්න එන BECA

Image
  ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ දකුණු ආසියානු සංචාරය මේ වන විට මෙරට පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවෙ මෙන්ම දකුණු ආසියානු කලාපය තුලම කතා බහට ලක් වුන කරුණක් වී තිබෙන බැවින් ඇමරිකානු ජනාධිපතිවරණයට සතියකටත් අඩු කාලයක් තිබෙන විටක මෙම සංචාරයේ නියම අරමුණ කුමක්දැයි සොයා බැලීමට සිතීය ඇමරිකානු  රාජ්‍ය ලේකම්ගේ  ආසියානු සංචාරය ඇමරිකානු ‍රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ විසින් මෙම වසරේදී දින 5 ක කාලයක් ආසියාවේ සංචාරය කිරීමට කටයුතු යොදා තිබූ අතර එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා ඉන්දුනීසියාව සංචාරය කිරීමට කටයුතු කිරීමට කටයුතු යොදා තිබිණි. ඔක්තෝම්බර් 26 වන දින ඉන්දියාවේදී මෙම සංචාරය ආරම්භ කල අතර 27 වන දින ශ්‍රී ලංකාවටද 28 වන දින මාලදිවයිනටද සංචාරය කිරීමට නියමිතව ඇත. පොම්පේයෝ ගේ ඉන්දියානු සංචාරය පොම්පේයෝ ගේ ඉන්දියානු සංචාරය දකුණු ආසියානු කලාපයේ අනාගත දශකය තීරණය කරනු ලබන සංචාරයක් ලෙස පැහැදිලි කල හැකිය. මෙම සංචාරයේදී පොම්පේයෝ සහ ඉන්දියානු ආරක්ෂක ඇමති ජයිශන්කර් (2+2) ගණයේ ද්වී පාර්ශික සාකච්ඡා සිදුකරන ලදි. මෙහි අරමුණ වූයේ BECA ගිවිසුමට අවශ්‍ය කරනු ලබන පසුබිම නිර්මාණය කරගැනීමයි. BECA ගිවිසුම යනු ඇ

හිට්ලර්ට හමුවූ ඉන්දියානුවා

Image
දෙවන ලෝක යුද්ධ කාල පරිච්ඡේදය ‍යනු මෙලොව අදුරුම යුගයකි. මුළු ලොවම 1939 සිට 1945 දක්වා කාලය තුළ යුධ බියෙන් ඇවිලී ගියේ මිලියන ගණනක් වූ මිනිසුන්ට තම ජීවිතය අහිමි කරමින් ය. එක් පසක ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පිළද අනෙක් පස ජර්මනිය ප්‍රමුඛ අක්ෂි පිළද යුධ වැදුනේ ලෝකයම තම අනසකට යටත් කරගන්නටය. 1939 දී ඇවිලුණු මෙම යුද්ධයේදී ඉන්දියානු ජාතික කොංග්‍රසය ඇතුළු ඉන්දියාව තීරණය කරනු ලැබුවේ යුද්ධයට සහභාගී නොවී සිටීමටය. එනමුත් එක් ඉන්දියානු රැඩිකල් තරුණයෙක් ඒ සදහා කැමති වුනේ නැත. 1935 දී Indian Struggle "ඉන්දියානු අරගලය" නම් කෘතිය ලියූ ඔහු වරක පැවසුයේ ඉන්දියාවට අවශ්‍ය වන්නේ ෆැසිස්ට්වාදය මුසු වූ කොමියුනිස්ට් වාදය බවයි. ඔහු අන් කිසිවෙකු නොව සුභාස් චන්ද්‍රබෝස් ය.  සුභාස් චන්ද්‍රබෝස් යනු බොහෝ සෙයින් ඇඩොල්ෆ් හිට්ලර් ට සමාන ගති පැවතුම් තිබුන අයෙක් බව ඉතිහාස ය තහවුරු කරයි. 1938 දී හරිපූර් හි 51 වන කොංග්‍රස් සංවත්සරය සැමරීමේදී ඔහු කරත්ත 51 ක් කාන්තාවන් 51 ක් හා සංගීත කණ්ඩායම් 51 ක් සහිත විශාල උත්සවයක් සංවිධානය කොට ඇත.  දෙවන ලෝක යුද්ධය ආරම්භයත් සමග බොසේ ට අවශ්‍ය වූයේ ඉන්දියාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන්  මුදවා ග

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

Image
ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය පිළිබදව සැලකීමේදී පළමු මහා මැතිවරණය පවත්වනු ලබන්නෙ  1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේය. එහිදී ආසන 42 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය පළමු මහා මැතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවා. ජන්දය භාවිතා කල ප්‍රතිශතය 61.3% එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන 42 ලංකා සම සමාජ පක්ෂය දිනූ ආසන ගණන 10 ඩී.ඇස්.සේනානායක මහතාගේ අභාවයෙන් පසුව 1952 දී ඊළග මහා මැතිවරණය පැවැත්වූ අතර එහිදීද මහා මැතිවරණයේ ජයග්‍රහණය තම පක්ෂය සතු කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබෙනවා. එහිදී නව අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහතා පත් වෙනවා. නව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන මහා මැතිවරණයට තරග වැදුනු S.W.R.D.බණ්ඩාරනායක මහතා හට විපක්ෂය පිහිටුවීමට හැකියාව මෙහිදී උදා වූ අතර නව ජාතිකවාදී මෙන්ම ජනතාවාදී බලවේගයක ආරම්භය එහිදී සනිටුහන් වෙනවා ජන්දය භාවිතා කල ප්‍රතිශතය 70.70% එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන  ගණන 54 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  දිනූ ආසන  ගණන 9 1952 සිට බණ්ඩාරනායක