Posts

Showing posts from September, 2020

හිට්ලර්ට හමුවූ ඉන්දියානුවා

Image
දෙවන ලෝක යුද්ධ කාල පරිච්ඡේදය ‍යනු මෙලොව අදුරුම යුගයකි. මුළු ලොවම 1939 සිට 1945 දක්වා කාලය තුළ යුධ බියෙන් ඇවිලී ගියේ මිලියන ගණනක් වූ මිනිසුන්ට තම ජීවිතය අහිමි කරමින් ය. එක් පසක ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පිළද අනෙක් පස ජර්මනිය ප්‍රමුඛ අක්ෂි පිළද යුධ වැදුනේ ලෝකයම තම අනසකට යටත් කරගන්නටය. 1939 දී ඇවිලුණු මෙම යුද්ධයේදී ඉන්දියානු ජාතික කොංග්‍රසය ඇතුළු ඉන්දියාව තීරණය කරනු ලැබුවේ යුද්ධයට සහභාගී නොවී සිටීමටය. එනමුත් එක් ඉන්දියානු රැඩිකල් තරුණයෙක් ඒ සදහා කැමති වුනේ නැත. 1935 දී Indian Struggle "ඉන්දියානු අරගලය" නම් කෘතිය ලියූ ඔහු වරක පැවසුයේ ඉන්දියාවට අවශ්‍ය වන්නේ ෆැසිස්ට්වාදය මුසු වූ කොමියුනිස්ට් වාදය බවයි. ඔහු අන් කිසිවෙකු නොව සුභාස් චන්ද්‍රබෝස් ය.  සුභාස් චන්ද්‍රබෝස් යනු බොහෝ සෙයින් ඇඩොල්ෆ් හිට්ලර් ට සමාන ගති පැවතුම් තිබුන අයෙක් බව ඉතිහාස ය තහවුරු කරයි. 1938 දී හරිපූර් හි 51 වන කොංග්‍රස් සංවත්සරය සැමරීමේදී ඔහු කරත්ත 51 ක් කාන්තාවන් 51 ක් හා සංගීත කණ්ඩායම් 51 ක් සහිත විශාල උත්සවයක් සංවිධානය කොට ඇත.  දෙවන ලෝක යුද්ධය ආරම්භයත් සමග බොසේ ට අවශ්‍ය වූයේ ඉන්දියාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන්  මුදවා ග