Posts

Showing posts from January, 2022

අළු මතින් නැවත ඇරඹෙන රුසියානු - යුක්‍රේන අර්බුධය

Image
සෝවියට් සමූහාණ්ඩුව 1991 දී බිද වැටීමත් සමග ඒ වන තෙක් සෝවියට් සමූහාණ්ඩුවේ සාමාජිකයෙක් වූ යුක්‍රේනය ස්වාධීන ආර්ථික , දේශපාලන හා සමාජීය ගමන් මාර්ගයකට නැබුරුවිය. ඒ උනත් තම පැරණි සගයා වූ සෝවියට් රුසියාව සමග සැමවිටම යහපත් සම්බන්ධතා පවත්වාගෙන යෑම ඔවුන්ගේ අරමුණ විය. එයට හොදම උදාහරණය වන්නේ දැඩි රුසියානු ගැති පාලකයෙකු වූ Victor Yanukovych ගේ පාලන සමයයි. ඇතැම් අවස්ථා වලදී ගැටලු මතු වුවද බොහෝ විට යහපත් සබදතා පවත්වාගෙන යෑමට මෙම රාජ්‍ය දෙකට හැකි විය. කෙසේ උනත් මෙම රටවල් දෙක නොවිසිදුනු දේශපාලන අර්බුධයකට මැදිහත් වෙන්නේ 2013 දීය. එවකට යුක්‍රේන ජනාධිපති වූ Victor Yanukovych විසින් යුක්‍රේන - යුරෝපානු සම්මුතිය අවසන් කොට රුසියාව වෙත නැඹුරු වීමට කටයුතු කිරීමට තීරණය කිරීමත් සමගය. මෙයට විරුද්ධ වූ සාමාන්‍ය ජනතාව දැඩි විරෝධතා අරගලයක් ආරම්භ කල අතට යුක්‍රේන ජනාධිපති ඇතුලු බොහෝ අමාත්‍යවරු රටින් පලා ගියේ මෙම තත්වය සමතයකට පත් කරගැනීමට නොහැකි වීමත් සමගය. ඒ අනුව අරගලකරුවන් සාර්ථක වූ අතර යුක්‍රේනයේ බලය විපක්ෂය විසින් ලබාගෙන තව දුරටත් යුරෝපානු සංගමය සමග රැදී සිටීමට තීරණය කරන ලදි.මෙම තත්වය උඩ එවකට යුක්‍රේනයට අයිති වූ ක්