Posts

Showing posts from September, 2019

තූසීඩිඩීස්ගේ උගුල : ඇමරිකාව හා චීනය

Image
මානව සංහතියේ දියුණුතම අවදිය විදිහට අපිට ග්‍රීක යුගය දකින්න පුලුවන්. ග්‍රීසිය කියලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරපු රටක්. හැබැයි ඒ රාජ්‍ය තුලද වසර 30 ක් පුරාවට ක්‍රියාත්මක වුනු පෙලොපේනිසියානු යුද්ධය දැක ගැනීමට පුලුවන් උනා. එවකට පෞර රාජ්‍ය වුන ඇතෑන්ස් හා ස්පාර්ටා අතර ක්‍රියාත්මක වුනු මෙම යුද්ධය දැකපු එවකට සිටි දේශපාලන දාර්ශනිකයෙකු වූ තූසීඩිඩීස් ප්‍රකාශ කලේ " මෙම යුද්ධය නොවැළැක්විය හැකි වූයේ ඇතීනියානු බලයේ වර්ධනය සහ ස්පාටාව තුළ ඇති වූ බිය නිසා " යනුවෙනි. ඉතින් මේ කාරනාව ආරක්ශක උභතෝකෝටිකය එහෙම නැත්තන් Security dilemma තත්වය ඉතිහාසගත උනේ තුසිඩීඩස්ගේ උගුල යන අනුවරථ නාමයෙන්.  තුසීඩීඩියස් පෙලොපේනිසියානු යුද්ධය අවසන් වෙලා මේ වෙද්දී අවුරුදු 1000 කට ආසන්න කාලයක් ගත වෙලා. ඒ උනත් නැවත එවැනි යුද්ධයකට අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇමරිකාව හා චීනය අතර. චීනයේ ආර්ථිකමය හා දේශපාලනික නැගී සීටමට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය මත ඒ බව තීරණය වනු ඇත. දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග ඇමරිකාව ලෝක සුපිරි බලවතෙක් බවට පත්වෙන්නේ සෝවියට් රුසියාව සමග. එතැන් පටන් සාර්ථ

නාගරික ත්‍රස්තවාදය සහ ශ්‍රී ලංකාව

Image
ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයට හිමිකම් කියන රට. එතනින් එහාට ක්‍රමවත් ක්‍රමවේදයක් යටතේ 1948 වන විට මනා පාලනය සංවිධානයක් එක්ක නිදහස ලබපු රටක්.ඒ කොහොම උනත් බොහොම අවාසනාවකට ශ්‍රී ලංකාව තුළ අන්තවාදයට හා වාර්ගිකත්වයට හිස ඔසවන්න ලැබෙනවා විශේෂයෙන්ම 1956 ට පසුව. එහි බිහිසුණුම ප්‍රතිඵල වසර 30 කට අධික කාලයක් තිස්සේ අපි මුහුණ දෙන ලදි. අන්තවාදය කෙමෙන් වර්ධනය වී එය ත්‍රස්ත්‍රවාදයක් කරා ගොඩ නැගෙන්නේ වසර 30 ක යුද්ධයක් මෙරටට උරුමකම් කර දෙමින්. ඒ විතරක්ම නෙමේ දේශපාලන කැරලි මෙන්ම ආසන්නතම අත්දැකීම වූ පාස්කු ප්‍රහාරය ද මෙරට ඉතිහාසයේ කලු පැල්ලම් යනුවෙන් සැලකිය හැක. මේ සියලුම අවස්ථාවලදී ත්‍රස්ත්‍රවාදී හෝ අන්තවාදී කණ්ඩායම් ලංකාව තුල තම බලය පෙන්වීමට යොදාගත්ත උපකරණය තමා නාගරික ත්‍රස්ත්‍රවාදය කියන්නේ. එතකොට අපිට එනවා ප්‍රශ්නයක් මොකද්ද හරියටම මේ නාගරික ත්‍රස්ත්‍රවාදය ? සරලවම ගත්තම නාගරික ත්‍රස්ත්‍රවාදය කියන්නේ නාගරික ත්‍රස්තවාදය යනු නාගරික ජනගහනය තුළ ත්‍රස්තවාදය ඉලක්ක කර ගනිමින් වඩාත් හානියක්, තුවාලයක්, මරණයක් හෝ දේපල හානියක් සිදු කිරීමයි. එතකොට ඇයි ලංකාව වග