නාගරික ත්‍රස්තවාදය සහ ශ්‍රී ලංකාව


ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයට හිමිකම් කියන රට. එතනින් එහාට ක්‍රමවත් ක්‍රමවේදයක් යටතේ 1948 වන විට මනා පාලනය සංවිධානයක් එක්ක නිදහස ලබපු රටක්.ඒ කොහොම උනත් බොහොම අවාසනාවකට ශ්‍රී ලංකාව තුළ අන්තවාදයට හා වාර්ගිකත්වයට හිස ඔසවන්න ලැබෙනවා විශේෂයෙන්ම 1956 ට පසුව.

එහි බිහිසුණුම ප්‍රතිඵල වසර 30 කට අධික කාලයක් තිස්සේ අපි මුහුණ දෙන ලදි. අන්තවාදය කෙමෙන් වර්ධනය වී එය ත්‍රස්ත්‍රවාදයක් කරා ගොඩ නැගෙන්නේ වසර 30 ක යුද්ධයක් මෙරටට උරුමකම් කර දෙමින්. ඒ විතරක්ම නෙමේ දේශපාලන කැරලි මෙන්ම ආසන්නතම අත්දැකීම වූ පාස්කු ප්‍රහාරය ද මෙරට ඉතිහාසයේ කලු පැල්ලම් යනුවෙන් සැලකිය හැක.

මේ සියලුම අවස්ථාවලදී ත්‍රස්ත්‍රවාදී හෝ අන්තවාදී කණ්ඩායම් ලංකාව තුල තම බලය පෙන්වීමට යොදාගත්ත උපකරණය තමා නාගරික ත්‍රස්ත්‍රවාදය කියන්නේ. එතකොට අපිට එනවා ප්‍රශ්නයක් මොකද්ද හරියටම මේ නාගරික ත්‍රස්ත්‍රවාදය ? සරලවම ගත්තම නාගරික ත්‍රස්ත්‍රවාදය කියන්නේ නාගරික ත්‍රස්තවාදය යනු නාගරික ජනගහනය තුළ ත්‍රස්තවාදය ඉලක්ක කර ගනිමින් වඩාත් හානියක්, තුවාලයක්, මරණයක් හෝ දේපල හානියක් සිදු කිරීමයි.

එතකොට ඇයි ලංකාව වගේ රටක බිහිවෙන ත්‍රස්ත්‍රවාදී හෝ අන්තවාදී කණ්ඩායම් නාගරික ත්‍රස්ත්‍රවාදය භාවිතා කරන්නේ කියන ප්‍රශ්නය යොමු වෙනවා. මේකට පිළිතුරු කිහිපයක්ම දෙන්න පුලුවන්
  1. තම සංවිධානය කෙරෙහි ලෝක ආකර්ෂණය දිනා ගැනීමට
  2. අනුගාමික සංඛ්‍යාව වැඩි කරගැනීම
  3. සාමාන්‍ය ජනජීවිතය අඩාල කිරීම
විශේෂයෙන් ලංකාව වගේ දියුණු වෙන රටක නාගරික ත්‍රස්ත්‍රවාදය හරහා සාමන්‍ය ජනජීවිතය සහමුලින්ම උඩියටිකුරු කරන්න හැකියාව තියෙනවා

LTTE සංවිධානය කියන්නේ මේ ලෝක ඉතිහාසය තුල අපි දැකපු භයානකම ත්‍රස්ත්‍රවාදී කණ්ඩායමක්. ඔවුන් මෙරට ත්‍රස්ත්‍ර ප්‍රහාර කරපු අවුරුදු 30 තුළ කොළබ ප්‍රධාන බස්නැවතුම් පලට එල්ල වූ ප්‍රහාරය , මහා බැංකුවට එල්ල වූ ප්‍රහාරට , නුගේගොඩ මෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේට එල්ල වුන බෝම්බයද නාගරික ත්‍රස්ත්‍රවාදය යටතට ගන්න පුලුවන්. මෙම බෝම්බ ප්‍රහාර වලට දිගම්පතාන හා කාත්තන්කුන්ඩි වලට එල්ල කර ප්‍රහාර වලට වඩා විශාල ලෝක අවධානයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා



ඊට අමතරව 1989 දේශපාලන කැරැල්ල පැවති සමයේද ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ බෝම්බයද නාගරික ත්‍රස්ත්‍රවාදීය උදාහරණයක් ලෙස ගන්න පුලුවන්

නාගරික ත්‍රස්ත්‍රවාදය හරහා ත්‍රස්ත්‍රවාදී කණ්ඩායම් බලාපොරොත්තු වෙන අරමුණු ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම දකින්න ලැබුණු අවස්ථාව තමා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාව. එහිදී ලංකාවේ ආර්ථික මරමස්ථානයේ ප්‍රදාන හෝටල් වන Shangrila Cinnamon grand මෙන්ම Kingsbury හෝටල් සමූහයට එල්ල වූ ප්‍රහාර සමග ISIS ත්‍රස්ත්‍රවාදීන් ලංකාවේ සිටින බවට අවශ්‍ය කරනු ලැබූ ලෝක අවධානය ඔවුන්ට දිනා ගැනීමට හැකියාව ලැබෙනවා

ශ්‍රී ලංකා හමුදාව ලොව කුරිරුම ත්‍රස්ත්‍රවාදී කණ්ඩායමක් මුලුමනින්ම පරාජයට පත් කරපු ලොව විශිෂ්ටතම හමුදා බලඇණියක්. ඒ උනත් කටුනාකයට ගුවන් තොටුපලට එල්ල වූ ප්‍රහාරයේදී අවසන් ත්‍රස්ත්‍රවාදීයත් මිය යන්නේ විශාල හානියක් වීමෙන් පසුවයි. නාගරික ත්‍රස්ත්‍රවාදයේ සුවිශේෂිත්වය මෙයයි. මෙය හමුදාවට මැඩපැවත්වීමට අපහසු මෙන්ම විශාල හානියක්ද සිදු කල හැකි ත්‍රස්ත්‍රවාදී උපාය මාර්ගයක්.

ඉතින් ඒක නිසා මේ වගේ කාල වකවානුවක සාමන්‍යය ජනතාව විදිහට අපිද මේ සම්බන්ධව අවබෝධයෙන් යුතුව කටයුතු කල යුතු වෙනවා. විශේෂ සැකකටයුතු යමක් දුටුවිට 119/118 අමතා එය දැනුවත් කිරීම තුලින් නාගරික ත්‍රස්ත්‍රවාදය හරහ විනාශ වීමට යන දේපල රැසක් ජීවිත රැසක් ආරක්ෂා කිරීමට ඔබටත් මටත් හැකියාව ලැබෙනු ඇත.

Comments

Anonymous said…
����

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !