Covid 19 සහ ගෝලීය ආණ්ඩුකරණයේ අනාගතය



මේ වන විටත් ලෝක ජනගහණයෙන් ලක්ෂ 42 කට අධික පිරිසකට වැලදුනු ඉන් 287,000 ක ප්‍රමාණයක් මිය ගිය 21 වන ශතවර්ෂය තුල අපි මේ තාක් මුහුණ දුන් දරුණුම ගනයේ වසංගතය ලෙස කෝවිඩ්-19 වෛරසය හදුනවා දෙන්න පුලුවන්. තාමත් නියමිත බෙහෙතක් හොයා ගැනීමට නොහැකි වූ මෙම වසංගතය අවසානයේ ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් ඇතිවන වෙනස්කම් මොනවාද ඒ වෙනස්කම් වලට මුහුණ දිය යුත්තේ කොහොමද යන්න පවා තීරණය කිරීම ඉතා අපහසු කාරණයක් බවට පත් වී ඇත.

කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධය අවසානයේ දී ලොව සාමය පවත්වාගෙන යාමේ අරමුණින් UN වැනි ගෝලීය සංවිධාන සමග ගෝලීය ආණ්ඩුකරණ සංකල්පය හදුන්වාදෙනු ලැබුවා. රටවල් වල පැවැත්ම අනෙකුත් රාජ්‍ය මත පදනම් ව ගෝලීයකරණය තුලින් මුලු ලෝකයක්ම එකම විශ්වීය ගම්මානයක් බවට පත් කිරීම එහි අරමුණ විය. එම අරමුණ බොහෝ සෙයින් සාර්ථකය. කලාපීය වශයෙන් බලවත් සංවිධාන , ගෝලීය සංවිධාන මේ ලෝකෙම එකට බැද තියා ගන්න උත්සහ කරා.

එනමුත් මේ ඇති වූ වසංගත තත්වය ගෝලීය ආණ්ඩුකරණයේ අවසන් හෝරාව ලිව්වොත් ?

ගෝලීය අවිශ්වාසය

මේ වසංගතය ගෝලීය වශයෙන් ඇති කරන ලොකුම බලපෑම ආර්ථික බලපෑම නෙමේ. ඒ බලපෑම ඇති වෙන්නේ රාජ්‍ය අතර ගොඩනගපු අවනිශ්චිතභාවයට. අවුරුදු 60 කට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ගොඩ නගාගත් විශ්වාසය මාස ගණනකින් බිද දැමීමට මේ කොරෝනා වසංගතයට හැකි වෙනවා. ඒ බිද දැමීම සිදුවෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය චීනය විසින් Bio - weapon එකක් නිර්මාණය කරා කියන චෝදනාව මත. මේ වන විටත් ඇමරිකාව, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍ය චීනයෙන් වන්දි මුදල් ඉල්ලීමට පටන් ගෙන තියනවා

1. රාජ්‍ය මට්ටමින් නොවුනත් ජර්මානු මාධ්‍ය චීනයෙන් ඩොලර් බිලියන 162 ක් චීනයෙන් ජර්මනියට ගෙවිය යුතු බව පැවසීම
2. බ්‍රිතාන්‍යයට යුරෝ බිලියන 351 ක් ගෙවිය යුතු බවටත් එසේත් නොමැතිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා අන්තර්ජාතික අධිකරණයට යායුතු බවත් එරට මාධ්‍ය පල කිරීම
3. රාජ්‍ය නායකයෙන් ලෙස ප්‍රථම වතාවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 28 දින චීනයෙන් වන්දි ඉල්ලීමට තමා කටයුතු කරන බව පැවසීම

මේ තත්වය තුළ ජාත්‍යන්තර තලය තුල රාජ්‍යයන් අතර විශාල අවිශ්වාසයක් ගොඩ නැගී ඇත. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් ප්‍රසිද්ධ වේදිකා තුල කෝවිඩ්-19 වෛරසයට "චීන වෛරසය" ලෙස නම් කරමින් අපහස කිරීම වැනි කටයුතු තුළින් මෙම තත්වය වර්ධනය විය.

ජාත්‍යන්තර ආර්ථිකයෙන් ජාතික ආර්ථිකයට

මේ ව්‍යවසනයත් එක්ක රාජ්‍ය නැවත වතාවක් ස්වයංපෝෂිත වීම අනුගමනය කරන බවට ඉගි පල කරමින් පවතිනවා. ලංකාවේ පටන් ගත්ත වගා සංග්‍රාමය අපිට තේරෙන හොදම උදාහරණය විදිහට ගන්න පුලුවන්. හැබැයි අනෙකුත් රාජ්‍යයන් පවා මේ වන විට තම රට තුළ රටට අවශ්‍ය නිෂ්පාදන වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් කැනඩාව හා ලතින් ඇමරිකාවට වැඩි වශයෙන් භාණ්ඩ අපනයනය කල ඇමරිකාව තම අපනයන කටයුතු අවම කිරීමට තීරණය කර තිබෙනවා. ජර්මනිය මාර්තු 19 වන දින PPE උපකරණ අපනයන නැවැත්වූ අතර ප්‍රංශයද එයම සිදුකරනු ලැබුවා

ගෝලීය සංවිධාන වල අනාගතය

මේ වසංගතය සමග වැඩිම දෝශාරෝපණය එල්ල වූ සංවිධානය වූයේ WHO එකයි. වගකීම් සහගත නොවී කටයුතු කිරීම ඔවුන්ට එල්ල වූ ප්‍රධානම චෝදනාවයි. මේ වන විට බිලියන 4.42 ක් පමණ වන WHO එකේ budget එකේ වැඩිම දායකත්වය දක්වන්නේ ඇමරිකාව. එය 15.9% ක් වෙනවා. ඒ උනත් අප්‍රේල් 23 වෙනිදා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පැවසූයේ WHO එක සදහා ලබාදෙන අරමුදල් අවම කිරීමට තමා කටයුතු කරන බවයි. මීට අමතරව රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙක් WHO හී වර්තමාන ප්‍රධානිය වන Tedros Adhanom වෙත චෝදනා රැසක් පනවා තිබෙනවා. ඔහුව තායිවානය විසින් දැඩි ලෙස චෝදනා වලට පාත්‍ර කර අතර අනෙකුත් රාජ්‍ය වලින් මරණ තර්ජන පවා එල්ල වී තිබෙනවා. මේ අනුව ගෝලීය සංවිධාන කෙරෙහි මිනිසුන් තුළ ඇති වූ විශ්වාසය අවම වී ගොස්

අනාගත ලෝකයේ බලවතා ?

මේ සියලුම දේවල් සමග මේ වන විට ලෝක බලවතා ලෙස තම ස්ථානය රදවා ගෙන තිබෙන ඇමරිකාවට තවදුරටත් එලෙස සිටීමට පුලුවන්ද ? එහෙම නැතිනම් චීනයේ නැගී සිටීම සිදුවෙයිද යන කාරණාව දැඩි ලෙස කතා බහට ලක්වෙනවා. අනාගත ලෝකය තුළ යුරෝපානු සංගමය බලවතෙක් වෙනු ඇතැයි කරනු ලැබූ පුරෝකතනය අවසන් වෙනවා. ඒ නමුත් අනාගත ලෝකයේ බලවතෙක් නිර්මාණය වෙද්දී ආර්ථිකය මිලිටරි බලයට එහා ගොස් සෞඛ්‍ය වැනි කාරණාත් සැලකීමට සිදුවෙනු ඇත.

අවසානයේදී අපි මෙතෙක් ඉගෙන ගත් අධ්‍යනය කල ගෝලීය ආණ්ඩුකරණය බොහෝ විට අවසන් විය හැක. ඒ තුළින් නිර්මාණය වන අලුත් system එක හොද වෙයිද නරක වෙයිද කීමට මට මේ වන විට අදහසක් නැත. පොදු සංකල්ප අවසන් වෙලා පෞද්ගලික සංකල්ප වලින් වැඩ කරන දශකයක් උදාවෙනු ඇත.

පෞද්ගලික අදහස නම් ඊළග බලවතා ඇමරිකාව චීනයත් නොව වෙනත් රාජ්‍යයක් බවයි. එම රාජ්‍ය ‍යුරෝපය තුළින් බිහිවෙයි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !