Posts

Showing posts from October, 2020

චීනෙ බල මඩින්න එන BECA

Image
  ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ දකුණු ආසියානු සංචාරය මේ වන විට මෙරට පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවෙ මෙන්ම දකුණු ආසියානු කලාපය තුලම කතා බහට ලක් වුන කරුණක් වී තිබෙන බැවින් ඇමරිකානු ජනාධිපතිවරණයට සතියකටත් අඩු කාලයක් තිබෙන විටක මෙම සංචාරයේ නියම අරමුණ කුමක්දැයි සොයා බැලීමට සිතීය ඇමරිකානු  රාජ්‍ය ලේකම්ගේ  ආසියානු සංචාරය ඇමරිකානු ‍රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ විසින් මෙම වසරේදී දින 5 ක කාලයක් ආසියාවේ සංචාරය කිරීමට කටයුතු යොදා තිබූ අතර එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා ඉන්දුනීසියාව සංචාරය කිරීමට කටයුතු කිරීමට කටයුතු යොදා තිබිණි. ඔක්තෝම්බර් 26 වන දින ඉන්දියාවේදී මෙම සංචාරය ආරම්භ කල අතර 27 වන දින ශ්‍රී ලංකාවටද 28 වන දින මාලදිවයිනටද සංචාරය කිරීමට නියමිතව ඇත. පොම්පේයෝ ගේ ඉන්දියානු සංචාරය පොම්පේයෝ ගේ ඉන්දියානු සංචාරය දකුණු ආසියානු කලාපයේ අනාගත දශකය තීරණය කරනු ලබන සංචාරයක් ලෙස පැහැදිලි කල හැකිය. මෙම සංචාරයේදී පොම්පේයෝ සහ ඉන්දියානු ආරක්ෂක ඇමති ජයිශන්කර් (2+2) ගණයේ ද්වී පාර්ශික සාකච්ඡා සිදුකරන ලදි. මෙහි අරමුණ වූයේ BECA ගිවිසුමට අවශ්‍ය කරනු ලබන පසුබිම නිර්මාණය කරගැනීමයි. BECA ගිවිසුම යනු ඇ