Posts

Showing posts from July, 2020

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

Image
ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය පිළිබදව සැලකීමේදී පළමු මහා මැතිවරණය පවත්වනු ලබන්නෙ  1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේය. එහිදී ආසන 42 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය පළමු මහා මැතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවා. ජන්දය භාවිතා කල ප්‍රතිශතය 61.3% එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන 42 ලංකා සම සමාජ පක්ෂය දිනූ ආසන ගණන 10 ඩී.ඇස්.සේනානායක මහතාගේ අභාවයෙන් පසුව 1952 දී ඊළග මහා මැතිවරණය පැවැත්වූ අතර එහිදීද මහා මැතිවරණයේ ජයග්‍රහණය තම පක්ෂය සතු කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබෙනවා. එහිදී නව අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහතා පත් වෙනවා. නව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන මහා මැතිවරණයට තරග වැදුනු S.W.R.D.බණ්ඩාරනායක මහතා හට විපක්ෂය පිහිටුවීමට හැකියාව මෙහිදී උදා වූ අතර නව ජාතිකවාදී මෙන්ම ජනතාවාදී බලවේගයක ආරම්භය එහිදී සනිටුහන් වෙනවා ජන්දය භාවිතා කල ප්‍රතිශතය 70.70% එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන  ගණන 54 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  දිනූ ආසන  ගණන 9 1952 සිට බණ්ඩාරනායක