Posts

Showing posts from March, 2020

නිල් දියමන්තියේ අභිරහස

Image
නිල් දියමන්‍තියේ අභිරහස කියලා ගොඩක් අය රහස් පරීක්ෂක කතා පොතක් කියවලා ඇති නේ. හැබැයි අද මේ කියන්නේ එහෙම රහස් පරීක්ෂක කතාවක් නෙමෙයි. රටවල් දෙකක් අතර දශක තුනක රාජ්‍ය තාන්ත්‍රික සබදතා වලට බාදාවක් උන හොරකමක් ගැන 1989 වන විට සෞදි අරාබියාවේ කුමාරයා ලෙස ඔටුනු පලන්දලා හිටියේ ෆයිසාල් බින් ෆහඩ් කියන කුමාරයා විසින්. මේ කුමාරයා සෞදි ආරාබියේ ප්‍රථම පාලකන් ගෙන් පැවත එන රාජවංශයේ පුරුකක්. මේ මාළිගාවේ සේවය කිරීම සදහා තෝරා ගත් දේශීය මෙන්ම විදේශීය සේවකයෝ රාශියක් හිටියා. ඒ අතරින් අද කතා නායකයා වෙන කෙනා තමා ක්‍රියාන්ග්කායි (Kriangraki Techamong) කියන්නේ. මේ උද්‍යාන වතු සේවකයාට සුවිශේෂි වරප්‍රසාදයක් හමුවෙනවා. ඒ වරප්‍රසාදය තමා රජුගේ ආභරණ ගබඩාව සුද්ධ පවිත්‍ර කිරීම ඒ වරප්‍රසාදයත් සමග ක්‍රියාන්ග්කායි ට එක වෙලාවක හිතෙනවා "ඇයි මෙහෙම දුක් විදින්නේ එක පාර සල්ලිකාරයෙක් වෙන්න පුලුවන් කම තියෙද්දි කියලා" එහෙම හිතපු ක්‍රියාන්ග්කායි ‍කුමාරයාට සුවිශාල වෙච්ච ආභරණ ගබඩාවෙන් ආභරණ කිහිපයක් හොරකන් කරන්නේ කුමාරයාට ඒ පිළිබදව අවබෝධයක් නැති වෙයි කියලා හිතලා. හැබැයි බොහෝම අවසානවකට ක්‍රියාන්ග්කායි ඒ වෙලාවේ හොර

සේද මාවත දිගේ එන මරණය !

Image
මේවන විට මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලී පවතිනවා කියන එක නොරහසක්. මේ වසංගතයට මුලු ලෝකයම සටන් වදිද්දී මෙහි පැතිරීම සම්බන්ධව විවිද මත ඉදිරිපත් වෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය 'චීන වෛරසය' ලෙස නම් කරන විදිහ පසු ගිය දවස් වල ප්‍රචාරය උනා. ඉතින් මේ වෛරසයේ ව්‍යාප්තියට වගේම සේද මාවත හරහා අතීතයේදී මේ වගේ වෛරස් ලෙඩ රෝග ව්‍යාප්ත වෙලා තියනවද බලන එක මේ ලිපියේ ප්‍රධානම අරමුණ වෙනවා සේද මාවත ලෝකයට දායාද කරන්නේ චීන ජාතිකයන් විසින්. ඔවුන්ගේ Han පෙළපත චීනයේ බලය තහවුරු කරගත් කාල සමයේ (ක්‍රි.පූ 207-220) කාලයේ මධ්‍යම ආසියාවට හා ඉන් ඔබ්බට තම වෙළදාම ව්‍යාප්ත කරගැනීමේදී යොදා ගත් මාර්ගය ලෙසට සේද මාවත හැදින්වීමට පුලුවන්. මේ සේද මාවත ගොඩබිමින් වගේම මුහුදෙනුත් චීනයේ සිට යුරෝපයට ගමන් කරනවා. සේද මාවත පිළිබදව මනා අවබෝධයක් පහත රූපයෙන් ලබා ගන්න පුලුවන්. මේ විදිහට වෙළදාම මූලික කරගත් සේද මාවත ලොව ප්‍රධානම වෙළද මාර්ගය බවට ක්‍රමිකව දියුණු වෙනවා. වෙනීසියෙන් පටන් ගත් මාර්කෝ පෝලෝ ගේ මුහුදු ගමන සේද මාවත හා බැදුනු ආකාරය ඉතිහාස කතා වල බහුලව සදහන් වෙනවා. මේ සේද මාවතේ ප්‍