සේද මාවත දිගේ එන මරණය !


මේවන විට මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලී පවතිනවා කියන එක නොරහසක්. මේ වසංගතයට මුලු ලෝකයම සටන් වදිද්දී මෙහි පැතිරීම සම්බන්ධව විවිද මත ඉදිරිපත් වෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය 'චීන වෛරසය' ලෙස නම් කරන විදිහ පසු ගිය දවස් වල ප්‍රචාරය උනා. ඉතින් මේ වෛරසයේ ව්‍යාප්තියට වගේම සේද මාවත හරහා අතීතයේදී මේ වගේ වෛරස් ලෙඩ රෝග ව්‍යාප්ත වෙලා තියනවද බලන එක මේ ලිපියේ ප්‍රධානම අරමුණ වෙනවා


සේද මාවත ලෝකයට දායාද කරන්නේ චීන ජාතිකයන් විසින්. ඔවුන්ගේ Han පෙළපත චීනයේ බලය තහවුරු කරගත් කාල සමයේ (ක්‍රි.පූ 207-220) කාලයේ මධ්‍යම ආසියාවට හා ඉන් ඔබ්බට තම වෙළදාම ව්‍යාප්ත කරගැනීමේදී යොදා ගත් මාර්ගය ලෙසට සේද මාවත හැදින්වීමට පුලුවන්. මේ සේද මාවත ගොඩබිමින් වගේම මුහුදෙනුත් චීනයේ සිට යුරෝපයට ගමන් කරනවා. සේද මාවත පිළිබදව මනා අවබෝධයක් පහත රූපයෙන් ලබා ගන්න පුලුවන්.






මේ විදිහට වෙළදාම මූලික කරගත් සේද මාවත ලොව ප්‍රධානම වෙළද මාර්ගය බවට ක්‍රමිකව දියුණු වෙනවා. වෙනීසියෙන් පටන් ගත් මාර්කෝ පෝලෝ ගේ මුහුදු ගමන සේද මාවත හා බැදුනු ආකාරය ඉතිහාස කතා වල බහුලව සදහන් වෙනවා. මේ සේද මාවතේ ප්‍රධාන වරායක් වූ කොන්ස්තන්තිනෝපලය පසුකලෙක යුරෝපයේ පුනරුදය සදහාද බලපෑවා

කෙසේ වුවත් සේද මාර්ගය වෙළදාමට අමතරව මරණයත් අරන් ආවොත් ?

සේද මාවත දිගේ වෛරස් සහ වසංගත පැතිරී යාමට අදාලව පළමු සාක්ෂිය අපිට හමුවෙන්නේ 2 වන සියවසේදී. Smallpox, Measles, Bubonic යන වසංගත රෝග කාරක චීනයෙන් ආරම්භ වී රෝම අධිරාජ්‍ය කරා පැතිරී යන්නේ සේද මාවතේ වෙළදාම් කරන ලද වෙළදුන්ගෙන්. මේ වසංගතය නිසා රෝම අධිරාජ්‍ය තුළ මිලියන 20 කුත් Han අධිරාජ්‍ය තුළ මිලියන 15 කට ආසන්න මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වෙනවා. Han අධිරාජ්‍ය බිදවැටීමටද මූලිකම හේතුවක් ලෙස මෙම වසංගතය දැක්වෙනවා. සේද මාවත නිර්මාණය කර අධිරාජ්‍යටම එය නිසා තම අධිරාජ්‍ය බිද වැටීමට සිදු වීම එක් අයුරකට ඛේදාන්විත පුවතක්.
(Bubonic වසංගතය පැතිරීයාම)

1330-1370 දී මුලු යුරෝපයම වසාගත් 'කළු මරණය' නැතහොත් Black Death සේද මාවත දිගේ පැමිණි දරුණුම වසංගතය ලෙස හදුන්වාදීමට පුලුවන්. චීනයේ හුබෙයි (Hubei) ප්‍රාන්තය මෙම වසංගතයේද ආරම්භයට මූලිකත්වය ගෙන තියෙනවා. 1347 දී Genovese නම් භාණ්ඩ රැගත් නෞකා පෙල ඉතාලියේ සිසිලි වරායට පැම්ණෙනවා. ඒ නෞකා පෙළත් සමග පැමිණි මේ වසංගතය වෙනීසිය 1348 දී වසාගනිද්දී ප්‍රංශය, ජර්මනිය 1350 වන විට මෙම වසංගතය ගොදුරු වෙනවා. බෙල්ජියම එංගලන්තය වැනි සියලුම රාජ්‍ය මෙම වසංගතයට ගොදුරු වන්නේ යුරෝපය තුළ මිලියන 75 සිට 200 ට ආසන්න ප්‍රමාණයකට මරු කැදවමින්. මේ දක්වා යුරෝපය මුහුණ දුන් දරුණුම වසංගත වලින් එකක් විදිහට මෙය ඉතිහාස ගත වෙනවා.මේ වසංගතය යුරෝපයට මීයන් විසින් රැගෙන ආවද ආසාදිතයා ඇල්ලීමෙන් ව්‍යාප්ත වන්නක් බවට පත් උනා.

           
මීට අමතරව Behcet රෝගය පවා සේද මාවත ඔස්සේ පැතිරී ගිය වෛරසයක් උනා. එමෙන්ම ඔබ විශ්වාස කරනවද මැලේරියාව, ඩෙංගු, සහ වසංගත රෝග රාශියක් සේද මාවත මූලික කොටගත් මාර්ගයක ගමන් ගන්නා බව. පහත රූප සටහන ඒ පිළිබදව අවබෝධ කරගැනීමට රුකුලක් වනු ඇත.


මේ වන විට මුලු ලොවම වසාගත් දරුනුතම වසංගතය බවට Covid-19 එසේත් නැතිනම් කොරෝනා වෛරසය පත්වී අවසන්. චීනයේ wuhan ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම වෛරසය මේ වන විට ලොව පුරා පැතිරී ගොස් අවසන්. 300,000 කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගයට ගොදුරු වෙද්දී ඉන් 12,000 ක් පමණ මිය ගොස් අවසන්. චීනය , ඉතාලිය , ස්පාඤ්ඤය හා ඉරානය වැඩිම මරන සංඛ්‍යාවක් දක්වන රටවල් වෙලා තියෙනවා.

18 වන ශතවර්ෂය අගභාගයේදී සේද මාවත් සංකල්පය බිදවැටුණද XiJinping ගේ නායකත්වය යටතේ චීනය One Belt One Road සංකල්පය යොදාගෙන නැවත මේ සේද මාවත පනගැන්වුවා. 

ලෝක ආර්ථික මරමස්ථානයක් උන චීනයේ ඉදලා යුරෝපයටත් ආසියාවටත් මේ වන විට ඇමරිකාවටත් මේ රෝගය පැතිරී ගොස් අවසන්

සේද මාවත් තුළින් වෙළදාම පමණක් නොව වසංගත රෝගද පැතිරී ගොස් ඇති බවට අතීතය අපට අවස්ථා ගනනාවකදී පෙන්නුම් කරලා තියෙනවා. ඒ උනත් එවැනි වසංගත තත්වයකදී රාජ්‍ය වල ක්‍රියාකාරීත්වය ඉතාලිය වැනි රටවල් වල දැඩි ප්‍රශ්නාර්ථයක් අපිට ඉතුරු කරා

මේ වන විට කොරෝනා ආසාදිතයින් 76 ක් පමණක් අප රට තුළ වාර්තා වී ඇති අතර ඇදිරී නීතිය තුළින් නිරෝධායනය මගින් තත්වය මග හරවා ගැනීමට අප උත්සහ දරමින් සිටිනවා

එනමුත්
මීළග ශතවර්ෂයේ සේද මාවතේ ප්‍රධාන ආර්ථික මරමස්ථානයක් වෙන අපේ රටට සේද මාවත දිගේ එන මාරයා ගැනත් අවධානය යොමු කල යුතු බවට covid-19 වසංගතය මතක් කර දී ඇති බව මගේ අදහසයි.

(මුහුදු සේද මාවතේ ශ්‍රී ලංකාව ප්‍රධාන මධ්‍යස්ථානයක් වන අයුරු)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ