Posts

Showing posts from August, 2021

ඇෆ්ගනිස්තානය ගිනිගත් තලෙයිබාන් ප්‍රහාර

Image
2001/09/11 කියන්නේ ඇමරිකාව බලාපොරොත්තු නොවුන දිනයක්. එවකට ලෝක බලවතා විදිහට හිටපු ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ඔසාමා බින් ලාඩන් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වෙද්දී ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් වරුන්ගේ ආරක්ෂාව මත හිටියේ. තලෙයිබාන් කියලා කියන්නේ සෝවියට් රුසියාවට එරෙහිව පැවති සිවිල් යුද්ධයෙන් පස්සේ ඇෆ්ගනිස්තානයේ බලය ලබා ගත් පිරිස. 09/11 ප්‍රහාර වලින් පස්සේ ඇමරිකාව ප්‍රමුඛ පිරිස තලෙයිබාන් වරුන්ට ප්‍රහාර එල්ල් කොට පරාජය කර 2004 දී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා හමීඩ් කර්සායි ව 2005 දී ඇෆ්ගනිස්තානයේ ජනාධිපති බවට පත් කරනවා. 2001 ඉදලා වසර 20 ක් තුළ තලෙයිබාන් වරු මරාගෙන මැරෙන බෝම්බ සහ තවත් ප්‍රහාර රාශියක් දියත් කරනවා ඒ උනත් 2020 තලෙයිබාන් වරු සහ ඇමරිකාව අතර සාමය සදහා ඇති වූ එකගතාවය මත ඇමරිකානු හමුදා වසර 20 කට පස්සේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙනවා. 2021 මැයි මාසයේ ඉදලා තලෙයිබාන් වරු සහ අල් කයිඩා එකතු වී ඇෆ්ගනිස්තාන් ආණ්ඩුවට එරෙහි විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙද්දී ඇමරිකාව ඇතුළු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙලා ඉන්න එකත් මේ මිලිටරි කණ්ඩායම් වලට වාසියක් වෙනවා. මේ මාස තුනක