Posts

Showing posts from November, 2019

මොකද්ද මේ Electoral College (මැතිවරණ විද්‍යාල) ක්‍රමය ?

Image
ශ්‍රී ලංකාවේ මීළග විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමට තියෙන්නෙ තව සතියක වගේ කෙටි කාලයක්. 1977 මහාමැතිවරණයදී පාර්ලිමේන්තු වේ 5/6 ක බලයක් දිනූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මෙරටට දෙවන ජනරජ ව්‍යවස්ථාව හදුන්වා දෙනවා. ඒ තුළින් මෙරට විධායක බලතල ජනාධිපති ධූරයට ලබා දීමට කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට නිර්මාණය වුන මෙරට විධායක ජනාධිපති ධූරයට පුද්ගලයන් ‍තෝරාපත් කරගන්නේ සරල බහුතර ක්‍රමවේදයට අනුව. ඒ කියන්නේ මුලු රටම එකම ජන්ද කොට්ඨාසයක් බවට පත්වී සමස්ත ජන්ද සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගන්නා පුද්ගලයා මෙරට විධායක ජනාධිපති ලෙස තේරී පත් වෙනවා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපති තුමාගේ සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දක්වා සියලුම දෙනාව තේරීපත් වෙන්නේ ඔන්න ඔය විදිහට. ඒ උනත් මේ වෙද්දී රටේ තියෙන මතවාදයට අනුව මේ ක්‍රමය තුල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එය ගොඩනැගී තියෙන්නේ රටේ ජනගහන ඝනත්වය බෙදීයාම තුළ. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවානම් අපේ රටට ජනාධිපති කෙනෙක් තෝරාගැනීමේදී අනුගමනය කල හැකි වෙනත් ක්‍රමයක් තියෙනවද ? ඔව්. ඒ මැතිවරණ විද්‍යාල ක්‍රමය (Electoral College) මේ ක්‍රමවේදය ලෝකෙට එන්නේ ඉතාමත් පැරණි ජර්මානු සිරිතක් නිසයි. එවකට ජර්