Posts

Showing posts with the label Plagues and Diseases

සේද මාවත දිගේ එන මරණය !

Image
මේවන විට මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලී පවතිනවා කියන එක නොරහසක්. මේ වසංගතයට මුලු ලෝකයම සටන් වදිද්දී මෙහි පැතිරීම සම්බන්ධව විවිද මත ඉදිරිපත් වෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය 'චීන වෛරසය' ලෙස නම් කරන විදිහ පසු ගිය දවස් වල ප්‍රචාරය උනා. ඉතින් මේ වෛරසයේ ව්‍යාප්තියට වගේම සේද මාවත හරහා අතීතයේදී මේ වගේ වෛරස් ලෙඩ රෝග ව්‍යාප්ත වෙලා තියනවද බලන එක මේ ලිපියේ ප්‍රධානම අරමුණ වෙනවා සේද මාවත ලෝකයට දායාද කරන්නේ චීන ජාතිකයන් විසින්. ඔවුන්ගේ Han පෙළපත චීනයේ බලය තහවුරු කරගත් කාල සමයේ (ක්‍රි.පූ 207-220) කාලයේ මධ්‍යම ආසියාවට හා ඉන් ඔබ්බට තම වෙළදාම ව්‍යාප්ත කරගැනීමේදී යොදා ගත් මාර්ගය ලෙසට සේද මාවත හැදින්වීමට පුලුවන්. මේ සේද මාවත ගොඩබිමින් වගේම මුහුදෙනුත් චීනයේ සිට යුරෝපයට ගමන් කරනවා. සේද මාවත පිළිබදව මනා අවබෝධයක් පහත රූපයෙන් ලබා ගන්න පුලුවන්. මේ විදිහට වෙළදාම මූලික කරගත් සේද මාවත ලොව ප්‍රධානම වෙළද මාර්ගය බවට ක්‍රමිකව දියුණු වෙනවා. වෙනීසියෙන් පටන් ගත් මාර්කෝ පෝලෝ ගේ මුහුදු ගමන සේද මාවත හා බැදුනු ආකාරය ඉතිහාස කතා වල බහුලව සදහන් වෙනවා. මේ සේද මාවතේ ප්‍...