Posts

Showing posts from May, 2021

Operation Wrath of God

Image
  ඊශ්‍රායල පලස්තීන් ගැටුම් උග්‍ර වෙච්ච මේ කාලේ ලෝක ප්‍රසිද්ධ ‍යුධ මෙහෙයුමක් ගැන ලියන්න හිතුනා. ඊශ්‍රායල පලස්තීන් ගැටුම් 1948 තරම් ඈත කාලෙට යනවා. මේ දශක 7-8 පුරාවටම නිරන්තරයෙන් මේ රටවල් දෙක අතර යුධගිනි ඇවිලුනා. ඒ අතරින් operation wrath of God කියන්නේ ඉතාම සුවිශේෂි සන්දිස්තානයක්. 1972 වසර කියන්නේ බටහිර ජර්මනිය විසින් ලෝක ඔලිම්පික් තරගාවලිය සදහා සත්කාරය ලබාදීපු වර්ෂය. හැම රටකින්ම වගේ මේ තරගාවලියේ විවිධ ඉසව් සදහා තම රට නියෝජනය කරමින් පිරිස් එවනවා. ඊශ්‍රායල් කණ්ඩායමත් මේ විදිහට ජර්මනියේ මුනිච් නගරයට පැමිණෙනවා. ඒ වන විටත් PLO පලස්තීන නිදහස් සටන්කාමීන් විසින් Black september එහෙමත් නැතිනම් මෙම ඊශ්‍රායල් කණ්ඩායම් පැහැර ගැනීමට කටයුතු සූදානම් කර තිබුනේ. බොහොම අවාසනාවන්ත විදිහට ඊශ්‍රායල් කණ්ඩායමේ 11 දෙනෙකු සිය ජීවිතයෙන් සමුගෙන මෙම Munich Massacre එක අවසන් වන්නේ ඊශ්‍රායලයම කම්පාවට පත්වෙමින්. මෙම මෙහෙයුම පටන් ගන්නේ එතන ඉදලා. Black september එකට සම්බන්ධ සියලුම ත්‍රස්ත්‍රවාදීන් ඝාතනය කිරීමට ඊශ්‍රායල් බුද්ධි අංශය වෙච්ච මොසාඩ් එක රටට් දිවුරුම් ලබා දෙනවා. 1972 ඊශ්‍රායල් අගමැති Golda Meir ගේ වචනයෙන් '