Operation Wrath of God

 


ඊශ්‍රායල පලස්තීන් ගැටුම් උග්‍ර වෙච්ච මේ කාලේ ලෝක ප්‍රසිද්ධ ‍යුධ මෙහෙයුමක් ගැන ලියන්න හිතුනා. ඊශ්‍රායල පලස්තීන් ගැටුම් 1948 තරම් ඈත කාලෙට යනවා. මේ දශක 7-8 පුරාවටම නිරන්තරයෙන් මේ රටවල් දෙක අතර යුධගිනි ඇවිලුනා. ඒ අතරින් operation wrath of God කියන්නේ ඉතාම සුවිශේෂි සන්දිස්තානයක්.

1972 වසර කියන්නේ බටහිර ජර්මනිය විසින් ලෝක ඔලිම්පික් තරගාවලිය සදහා සත්කාරය ලබාදීපු වර්ෂය. හැම රටකින්ම වගේ මේ තරගාවලියේ විවිධ ඉසව් සදහා තම රට නියෝජනය කරමින් පිරිස් එවනවා. ඊශ්‍රායල් කණ්ඩායමත් මේ විදිහට ජර්මනියේ මුනිච් නගරයට පැමිණෙනවා. ඒ වන විටත් PLO පලස්තීන නිදහස් සටන්කාමීන් විසින් Black september එහෙමත් නැතිනම් මෙම ඊශ්‍රායල් කණ්ඩායම් පැහැර ගැනීමට කටයුතු සූදානම් කර තිබුනේ. බොහොම අවාසනාවන්ත විදිහට ඊශ්‍රායල් කණ්ඩායමේ 11 දෙනෙකු සිය ජීවිතයෙන් සමුගෙන මෙම Munich Massacre එක අවසන් වන්නේ ඊශ්‍රායලයම කම්පාවට පත්වෙමින්.

මෙම මෙහෙයුම පටන් ගන්නේ එතන ඉදලා. Black september එකට සම්බන්ධ සියලුම ත්‍රස්ත්‍රවාදීන් ඝාතනය කිරීමට ඊශ්‍රායල් බුද්ධි අංශය වෙච්ච මොසාඩ් එක රටට් දිවුරුම් ලබා දෙනවා. 1972 ඊශ්‍රායල් අගමැති Golda Meir ගේ වචනයෙන් 'Send forth the boys' ලෙස මේ මෙහෙයුම ආරම්භ වෙනවා.
ඊශ්‍රායල අගමැති Golda Meir
ඉතාමත් සූක්ෂම ලෙස කරුණු රැස් කරපු මොසාඩ් නියෝජිතයන් තමන්ගේ පලමු බිල්ල ලෙස 1972 දී පලස්තීන් ජාතික Abdel Wael ව ඝාතනය කරනවා. රෝමයේ තම නිවසට යමින් සිටි Abdel ට හිසටත් පපුවටත් වෙඩි පහර 12 ක් එල්ල කොට ඝාතනය කර තිබුනා. ඉන්පසුව එම වසරේදීම ප්‍රංශයේ PLO සාමාජිකයෙක් වූ Dr. Mahmoud Hamshari ව ඝාතනය කරනවා. ඔහුගේ මේසය යට බෝම්බයක් සවි කොට එය පුපුරුවා හැර ඝාතනය සිදු කරා

1973 දී සයිප්‍රස් වල විසූ Hussein Al Bashir ව ඝාතනය කරේ ඔහුගේම ඇද යට බෝම්බයක් සවි කොට එය පුපුරුවා හැරීමෙන්. ඉන්පසුව එම වසරේදීම Dr. Basil al - Kubaissi වද වෙඩි පහර 12 ක් එල්ල කොට ඝාතනය කිරීමට මොසාඩ් නියෝජියන් සමත් වෙනවා.

මෙම Operation wrath of God මෙහෙයුමට සමගාමීවම Operation spring නම් මෙහෙයුම හරහා දැඩි ආරක්ෂිතව සිටි පලස්තීන් සටන්කාමී නායකයන් වූ Muhammed Youssef al Najjer, Kamal Adwen, Kamal Nasser වැනි නායකයන් ඝාතනය කිරීමටද ඊශ්‍රායල් හමුදාවලට හැකියාව ලැබෙනවා.

එනමුත් Black september මෙහෙයුමේ ප්‍රධානියා කවුද ? ඔහුව සොයාගන්නේ කෙසේද යන ප්‍රශ්නෙට උත්තර මොසාඩ් නියෝජිතයන් ට සොයාගැනීමට අපහසු උනා. කරුණු ගනනාවක් සෙවීමෙන් අනතුරුව ඔහු Red prince ලෙස හදුන්වා ගන්නා බව දැනගන්නට ලැබෙනවා. තවත් සෝදිසි මෙහෙයුම් ගනනාවකින් පස්සේ Red prince කියන්නේ Ali Hassan Salemeh නැමැත්තෙක් බව සොයාගන්නවා.
1973 නෝර්වේ වල lillehammer නගරයේදී මොසාඩ් නියෝජිතයන් Ali hassan ව ඝාතනය කරනවා

මොසාඩ් නියෝජිතයන් ගේ පොරොන්දුව ඉෂ්ට කරා කියලා හිතුවට එතනින් මෙහෙයුම අවසන් වෙන්නේ නෑ. නෝර්වේ වල ඝාතනය කරේ Ahmed Bouchiki නම් වේටර්වරයෙක් බව දැනගැනීමට ලැබෙනවා. Ali Hassan ඝාතනය කිරිමට ගත් සෑම උත්සහයක්ම ව්‍යර්ථ වෙනවා.
Ahmed Bouchiki
1978 වෙද්දී Ali ව ඝාතනය කිරිමට උත්සහයන් 4ක් ගත්තට ඒ ඔක්කොම අසාර්ථක වෙලා තිබ්බා. මොසාඩ් නියෝජිතයෙක් Erika chambers කියන නමින් බේරූට් වලට යන්නේ මේ සටන සදාකාලිකවම අවසන් කරන්න. මාස ගනනක් කරුණු රැස් කොට Ali Hassan ගේ ගමන් මාර්ග සොයගන්න මොසාඩ් නියෝජිතයන්ට හමුවෙනවා. 1979 පස්වර 3.35 ට Ali Hassan තම ආරක්ෂකයින් සමග ගමනක් යැමට පිටත් වෙනවා. ඔවුන් ගමන් ගත් මෝටර් රථය ඉදිරියට යෑමේදී නවතා තිබූ volkswagen රථයක් දුටුවත් කිසිවිටක එය ඔහුගේ මාරයා බව දැන සිටියේ නෑ. Ali hassan ගේ ගමන් මාර්ග දැනගත් මොසාඩ් නියෝජිතයන් මෙම වෝක්ස්වැගන් ‍රථය පුපුරන ද්‍රව්‍ය වලින් පුරවා එය පුපුරවා හැරීමට සමත් වෙනවා. Ali hassan ගේ කතා පුවත එතනින් අවසන් කොට මෙම මෙහෙයුම දියත් කල සමාජිකයන් ඊශ්‍රායලට පැන යනවා
Ali Hassan Salemeh

ඉන් අනතුරුවද වසර 20 ක් පුරාවට මෙයට සම්බන්ධ සියලුම දෙනා ඝාතනය කිරීමට මොසාඩය සමත් වෙනවා. කෙසේ උනත් මෙම මෙහෙයුම පුරාවට අහිංසක මිනිසුන් ගනනාවක් ජීවිතයෙන් වන්දි ගෙවනවා.

මේ සම්බන්ධ පොත් පත් චිත්‍ර පට ගනනාවක් නිර්මාණය වූ අතර 2005 දී Steven Spielberg ගේ Munich චිත්‍රපටය ජනප්‍රියම නිර්මාණය වෙනවා.


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !