ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය



ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය පිළිබදව සැලකීමේදී පළමු මහා මැතිවරණය පවත්වනු ලබන්නෙ 1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේය. එහිදී ආසන 42 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය පළමු මහා මැතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවා.


ජන්දය භාවිතා කල ප්‍රතිශතය

61.3%

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

42

ලංකා සම සමාජ පක්ෂය දිනූ ආසන ගණන

10


ඩී.ඇස්.සේනානායක මහතාගේ අභාවයෙන් පසුව 1952 දී ඊළග මහා මැතිවරණය පැවැත්වූ අතර එහිදීද මහා මැතිවරණයේ ජයග්‍රහණය තම පක්ෂය සතු කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබෙනවා. එහිදී නව අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහතා පත් වෙනවා. නව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන මහා මැතිවරණයට තරග වැදුනු S.W.R.D.බණ්ඩාරනායක මහතා හට විපක්ෂය පිහිටුවීමට හැකියාව මෙහිදී උදා වූ අතර නව ජාතිකවාදී මෙන්ම ජනතාවාදී බලවේගයක ආරම්භය එහිදී සනිටුහන් වෙනවා

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

70.70%

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

54

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන ගණන

9


1952 සිට බණ්ඩාරනායක මහතා පවත්වාගෙන ගිය පංච මහා බලවේගය මුල් කරගත් සමාජ පෙරළිය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, භාෂා පෙරමුණ විප්ලවකාරී සම සමාජ පක්ෂය වැනි පක්ෂ සමග මහජන එක්සත් පෙරමුණ පිහිටුවාගෙන මහා මැතිවරණයට මුහුන දීමට තීරණය කරනු ලැබුවා. එහිදී වසර 8 ක එක්සත් ජාතික පක්ෂ බලය අවසන් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. එමෙන්ම S.W.R.D.බණ්ඩාරනායක නව අගමැති ලෙස දිවුරුම් දීම සිදු කරනු ලැබුවා. 

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

69.12%

මහජන එක්සත් පෙරමුණ දිනූ ආසන ගණන

51

ලංකා සම සමාජ පක්ෂය දිනූ ආසන ගණන

14

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

8


1960 මෙරට මැතිවරණ සුවිශේෂිම වසරක් ලෙස හැදින්විය හැකිය. 1960 මාර්තු මස සුපුරුදු පරිදි මහා මැතිවරණය පැවැත්වූ අතර එහිදී ආසන 50 ක් ලබා ගෙන ඩඩ්ලි සේනානායක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබා ගනු ලැබීය. එසේ වුවත් රාජාසන කතාව පරාජයට පත් වීම සමග නැවත වතාවක් 1960 ජූලි මස මහා මැතිවරණයක් පැවැත්වීමට සිදු විය. එහිදී නැවත ආණ්ඩු බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ලැබුනු අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැතිවරිය බවට පත් වීම සිදු වෙනවා.

මීළග මහා මැතිවරණය 1965 දී පැවැත්වූ අතර මෙහිදී ආණ්ඩු පක්ෂ බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුනු අතර ඩඩ්ලි සේනානායක මහතා නැවත අගමැති බවට පත්වෙනවා. එහිදී කැබිනට් මණ්ඩලයට ඉලගෙයි තමිල් අර්සු කච්චු (T.N.A) පක්ෂයටද කැබිනට් අමැති කමක් ලබා දීමට අගමැති එකග වීම විශේෂයි.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

81.13%

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

66

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන ගණන

41


1965 දී ලද පරාජය සමග සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1970 මහා මැතිවරණය සදහා සමගි පෙරමුණ නම් සංධානය නිර්මාණය කරනු ලැබූවා. එහිදී 2/3 ක අති බහුතර මෙන්ම දැවැන්ත ජයක් ලැබූ සමගි පෙරමුණ මෙරට බලය ලබා ගත්තා. ලංකාව (ceylon) නම යටතේ පැවති අවසාන මහා මැතිවරණය වනවා. 1972 පළමු ජනරජ ව්‍යවස්තාව සමග මෙරට නාමය ශ්‍රී ලංකාව ලෙස වෙනස් වීම සිදු වෙනවා

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

 - 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන ගණන

91

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

17


1977 මහා මැතිවරණය මේ වන තෙක් ශ්‍රී ලංකාවේ ලද විශාලතම ජයග්‍රහණය ලෙස ඉතිහාස ගත වෙනවා. ජේ.ආර්.ජයවර්ධන මහතා ගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පක්ෂය 5/6 ක බලයක් ලබා ගනිමින් ආණ්ඩු බලය පිහිටුවීම සිදු කරනවා.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

 -

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

140

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන ගණන

18


1977 දී ලද ජයග්‍රහණය සමග ජයවර්ධන මහතා දෙවන ජනරජ ව්‍යවස්තාව හදුන්වා දුන් අතර ව්‍යවස්ථාදායක සභාව ලෙස ආසන 225 කින් යුක්ත පාර්ලිමේන්තුවක් පිහිටුවනු ලැබුවා. 1983 දී මීළග මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් 1982 දී පාර්ලිමේන්තු කාලය දීර්ඝ කල යුතුද නැද්ද යන්න සම්බන්ධව ජනමත විචාරණයක් පවත්වා එහිදී 54.66% ක අගයක් සමග දීර්ඝ කල යුතුය යන්න ජයග්‍රහණය කරනු ලැබුවා.

ඒ අනුව ඊළග මහා මැතිවරණය 1989 දී පැවැත්වූ අතර එයද ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබෙනවා. කෙසේ වුවත් මෙය ලංකා ඉතිහාසයේ දූශිතම මැතිවරණයක් ලෙස හැදින්වෙනවා.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

63.60%

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

125

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන ගණන

67


මීළග මහා මැතිවරණය 1994 දී පැවැත්වූ අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂය වසර 17 ක් පුරාවට ආණ්ඩු බලය රදවා ගෙන සිටියා. යුද්ධය මෙන්ම 88-89 භීෂණ සමය වැනි කරුණු සමග චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ලබා දුන් ජනතා සංධානය  මෙහිදී බලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

76.24%

ජනතා සංධානය දිනූ ආසන ගණන

105

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

94


මීළග මහා මැතිවරණය 2000 දී පවත්වා එහිදී බලය ජනතා සංධානය ලබා ගත්තද බහුතරය රදවා ගැනීමට ඔවුන්ට නොහැකි වෙනවා. ඒ අනුව 2001 දී නැවත මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවෙනවා. එහිදී ආණ්ඩු බලය දිනා ගැනීමට නැවත එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ආණ්ඩු බලය ලබා ගෙන අගමැති බවට පත් වෙනවා.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

76.03%

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

109

ජනතා සංධානය දිනූ ආසන දිනූ ආසන ගණන

77


2004 දී නැවත වතාවක් මහා මැතිවරණය පැවැත්වූ අතර එක්සත් ජනතා නිදහස් සංධානය නම් නව පෙරමුණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතුව නිර්මාණය වෙනවා. ඔවුන් 2004 දී බලය ලබා ගැනීමට හැකියාව ලබා ගැනීමට සමත් වෙනවා.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

75.96%

එක්සත් ජනතා නිදහස් සංධානය දිනූ ආසන ගණන

105

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

82


තිස් අවුරුදු යුද්ධයකින් අනතුරුව 2010 දී මීළග මහා මැතිවරණය පැවැත්වූ අතර එක්සත් ජනතා නිදහස් සංධානය පහසු මෙන්ම විශාල ජයක් ලැබීමට හැකියාව ලබා ගන්නවා. කෙසේ නමුත් ජන්දය ප්‍රකාශ කරන ලද ප්‍රතිශතය මෙහිදී ඉතාමත් අඩු අගයක් ගැනීම විශේෂයි.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

61.26%

එක්සත් ජනතා නිදහස් සංධානය දිනූ ආසන ගණන

144

එක්සත් ජාතික පක්ෂය දිනූ ආසන ගණන

60


මෙරට පැවැත්වූ අවසාන මහා මැතිවරණය 2015 දී පවත් වනු ලැබුවා. එහිදී 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යහපාලනය නම් නව දේශපාලන මතය මූලික කරගෙන යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණ නම් නව සංධානයක් එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත් අතර ඔවුන් බලය තහවුරු කරගත් අතරම රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් මෙරට අගමැති ලෙස දිවුරුම් දෙනවා.

ජන්දය භාවිතා කල ප්‍රතිශතය

77.66%

යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණ දිනූ ආසන ගණන

106

එක්සත් ජනතා නිදහස් සංධානය දිනූ ආසන ගණන

95


කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය හා සංධානය එකතුව ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. 

ඒ අනුව 2020 දී මෙරට පවත්වනු ලබන 16 වන මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. එහිදී ආණ්ඩු බලය කවුරුන් ලබා ගන්නේද යන්න අපිට තවත් නොබෝ දිනයකින් දැන ගැනීමට හැකියාව ලැබේ. 

Comments

Popular posts from this blog

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !