චීනෙ බල මඩින්න එන BECA

 


ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ දකුණු ආසියානු සංචාරය මේ වන විට මෙරට පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවෙ මෙන්ම දකුණු ආසියානු කලාපය තුලම කතා බහට ලක් වුන කරුණක් වී තිබෙන බැවින් ඇමරිකානු ජනාධිපතිවරණයට සතියකටත් අඩු කාලයක් තිබෙන විටක මෙම සංචාරයේ නියම අරමුණ කුමක්දැයි සොයා බැලීමට සිතීය

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ආසියානු සංචාරය

ඇමරිකානු ‍රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ විසින් මෙම වසරේදී දින 5 ක කාලයක් ආසියාවේ සංචාරය කිරීමට කටයුතු යොදා තිබූ අතර එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා ඉන්දුනීසියාව සංචාරය කිරීමට කටයුතු කිරීමට කටයුතු යොදා තිබිණි. ඔක්තෝම්බර් 26 වන දින ඉන්දියාවේදී මෙම සංචාරය ආරම්භ කල අතර 27 වන දින ශ්‍රී ලංකාවටද 28 වන දින මාලදිවයිනටද සංචාරය කිරීමට නියමිතව ඇත.

පොම්පේයෝ ගේ ඉන්දියානු සංචාරය

පොම්පේයෝ ගේ ඉන්දියානු සංචාරය දකුණු ආසියානු කලාපයේ අනාගත දශකය තීරණය කරනු ලබන සංචාරයක් ලෙස පැහැදිලි කල හැකිය. මෙම සංචාරයේදී පොම්පේයෝ සහ ඉන්දියානු ආරක්ෂක ඇමති ජයිශන්කර් (2+2) ගණයේ ද්වී පාර්ශික සාකච්ඡා සිදුකරන ලදි. මෙහි අරමුණ වූයේ BECA ගිවිසුමට අවශ්‍ය කරනු ලබන පසුබිම නිර්මාණය කරගැනීමයි. BECA ගිවිසුම යනු ඇමරිකාවට ඉන්දියාවේ භූඅවකාශය පිළිබදව තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වන සැටලයිට් පිහිටුවීටම ඉන්දියාව හා ඇමරිකාව අතර ඇති වන එකගතාවයකි. මෙහිදී දිගු දුර මිසයිල භාවිතා කිරීමේදී ඉන්දියාවට අවශ්‍ය කරනු ලබන තොරතුරු ලැබෙන අතර සැටලයිට් වල අයිතිය ඇමරිකාවට ලැබෙනු ඇත.

Indian Express වලට අනුව 1962 චීන ඉන්දු යුද්ධයෙන් පසුව නිර්මාණය කරන ලද පාලන රේඛාවේ 3488 KM පුරාවට ඇති තොරතුරු ඉන්දියාවට පහසුවෙන් මේ හරහා ලබා ගත හැකිය. මෙයට අදාල සාකච්ඡා ඉතාමත් සාර්ථක ලෙස ඉන්දියාව හා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා අතර සිදුවූ අතර මෙම ගිවිසුම සම්බන්ධව තවත් තොරතුරු ඉදිරියේදී දක්නට ලැබෙනු ඇත.


පොම්පේයෝ ගේ ලංකා සංචාරය

ගිය වසරේ ජූනි මස පොම්පේයෝ ලංකාවේ සංචාරය කිරීමට නියමිතව පැවතියද එවකට පැවති දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරය හමුවේ එම සංචාරය සිදු නොවීය. එනමුත් ඊයේ දිනයේදී මයික් පොම්පේයෝ ශ්‍රී ලංකාවේ සංචාරය කර අතර එහිදී මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාද හමුවී සාර්ථක ද්වී පාර්ශවික සාකච්ඡා වටයක් අවසන් කරන ලදි.

MCC වලට මොකද වෙන්නේ ?

මෙම සංචාරයේදී MCC ගිවිසුම පිලිබදවද සාකච්ඡා කල නමුත් එම ගිවිසුම අත්සන් කිරීමක් සිදු වූයේ නැත. රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය වූයේ "එහි අවසන් තීරණය ශ්‍රී ලංකාව සතු බවයි"

ජාත්‍යන්තර ප්‍රතිචාර
මෙම සංචාරය සම්බන්ධව චීනය තම විරෝධතාවය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අතර Chinese embassy ට්විටර් ගිණුමේ සදහන් කර තිබුනේ ඇමරිකානු Alien Vs Predator ක්‍රීඩාවට ශ්‍රී ලංකාව අදාල කර නොගන්නා ලෙසයි

කෙසේ වුවත් ඇමරිකානු සංචාරය ඉතාමත් උපායශීලී අවස්ථාවක සිදු වූ බව මාගේ අදහසයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයින තුලද චීන විරෝධී රැල්ලක් ගොඩනැගෙමින් පවතී. එම අවස්ථාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සබදතා වැඩි කරගැනීම ඔවුන්ට වාසිදායකය.

අප මේ ජීවත්වන්නේ දෙවනි නිරවි යුද්ධ කාලය තුලය. මෙම යුද්ධය චීනයේ මෙන්ම ඇමරිකාවේද අනාගතය තීරණය කරනු ඇත. එවැනි කාලයක BECA ගිව්සුමේ වැදගත්කම හා යාවත්කාලීන තොරතුරු සමග ඉදිරියේදී මුණ ගැසෙමු.


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !