Posts

Showing posts with the label Covid -19

Rally round the flag

Image
Rally round the flag කියන සංකල්පය නැවත කරලියට පැමිණ තියනවා කෝවිඩ් -19 වසංගත තත්වයත් සමගම. මෙම සංකල්පය දේශපාලන විද්‍යාවේ මෙන්ම ජාත්‍යන්තර අධ්‍යනයේදීද රාජ්‍ය නායකයන් මූලික කරගෙන ගොඩ නැගෙන සංකල්පයක්. මේ සංකල්පය ගැන කියන්න කලින් මෙහි ආරම්භය බැලිය යුතුය. දේශපාලන අධ්‍යනවේදියෙකු වූ John Muller විසින් 1970 දී පමණ ඇමරිකාව පදනම් කොට ගෙන රචිත "ජනාධිපති ජනප්‍රියතාවය : ටෲමන් ගේ සිට ජොන්සන් දක්වා" කෘතියේ මෙය සදහන් කරනු ලැබීය. මෙම සංකල්පය යම් කිසි ව්‍යසනයකදී හෝ යුධමය අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ජනප්‍රිය තාවය තාවකාලිකව වැඩිවනු ඇත බවයි. එය පැහැදිලි කරදීම මෙම Rally round the flag effect හරහා සිදුකරනු ලැබයි. මේ තුළින් රාජ්‍යට එල්ලවන තිබෙන බලපෑම අවම කිරීම මෙම සංකල්පය යොදාගනු ලබයි. John Muller විසින් ප්‍රධාන උපකල්පන තුනක් ඉදිරිපත් කරනු ලැබීය. 1. මෙය ජාත්‍යන්තර තත්වයක් විය යුතුය 2. මෙය ඇමරිකාව හා ඇමරිකානු ජනාධිපති සම්බන්ධ විය යුතුය 3. විශේෂිත , නාට්‍යමය හා තියුණු ලෙස අවධානය යොමු කර ඇත. මෙයින් දෙවන උපකල්පනය හැර අනෙකුත් උපකල්පන දෙක මුලු ලොවටම මෙය අදාල කරගත හැක. කෝවිඩ් - 19 තත්වයට අදාලද මෙම Rally roun...

Covid 19 සහ ගෝලීය ආණ්ඩුකරණයේ අනාගතය

Image
මේ වන විටත් ලෝක ජනගහණයෙන් ලක්ෂ 42 කට අධික පිරිසකට වැලදුනු ඉන් 287,000 ක ප්‍රමාණයක් මිය ගිය 21 වන ශතවර්ෂය තුල අපි මේ තාක් මුහුණ දුන් දරුණුම ගනයේ වසංගතය ලෙස කෝවිඩ්-19 වෛරසය හදුනවා දෙන්න පුලුවන්. තාමත් නියමිත බෙහෙතක් හොයා ගැනීමට නොහැකි වූ මෙම වසංගතය අවසානයේ ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් ඇතිවන වෙනස්කම් මොනවාද ඒ වෙනස්කම් වලට මුහුණ දිය යුත්තේ කොහොමද යන්න පවා තීරණය කිරීම ඉතා අපහසු කාරණයක් බවට පත් වී ඇත. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධය අවසානයේ දී ලොව සාමය පවත්වාගෙන යාමේ අරමුණින් UN වැනි ගෝලීය සංවිධාන සමග ගෝලීය ආණ්ඩුකරණ සංකල්පය හදුන්වාදෙනු ලැබුවා. රටවල් වල පැවැත්ම අනෙකුත් රාජ්‍ය මත පදනම් ව ගෝලීයකරණය තුලින් මුලු ලෝකයක්ම එකම විශ්වීය ගම්මානයක් බවට පත් කිරීම එහි අරමුණ විය. එම අරමුණ බොහෝ සෙයින් සාර්ථකය. කලාපීය වශයෙන් බලවත් සංවිධාන , ගෝලීය සංවිධාන මේ ලෝකෙම එකට බැද තියා ගන්න උත්සහ කරා. එනමුත් මේ ඇති වූ වසංගත තත්වය ගෝලීය ආණ්ඩුකරණයේ අවසන් හෝරාව ලිව්වොත් ? ගෝලීය අවිශ්වාසය මේ වසංගතය ගෝලීය වශයෙන් ඇති කරන ලොකුම බලපෑම ආර්ථික බලපෑම නෙමේ. ඒ බලපෑම ඇති වෙන්නේ රාජ්‍ය අතර ගොඩනගපු අවනිශ්චිතභාවයට. අවුරුදු 60 කට වැඩි ප්‍රම...

සේද මාවත දිගේ එන මරණය !

Image
මේවන විට මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලී පවතිනවා කියන එක නොරහසක්. මේ වසංගතයට මුලු ලෝකයම සටන් වදිද්දී මෙහි පැතිරීම සම්බන්ධව විවිද මත ඉදිරිපත් වෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය 'චීන වෛරසය' ලෙස නම් කරන විදිහ පසු ගිය දවස් වල ප්‍රචාරය උනා. ඉතින් මේ වෛරසයේ ව්‍යාප්තියට වගේම සේද මාවත හරහා අතීතයේදී මේ වගේ වෛරස් ලෙඩ රෝග ව්‍යාප්ත වෙලා තියනවද බලන එක මේ ලිපියේ ප්‍රධානම අරමුණ වෙනවා සේද මාවත ලෝකයට දායාද කරන්නේ චීන ජාතිකයන් විසින්. ඔවුන්ගේ Han පෙළපත චීනයේ බලය තහවුරු කරගත් කාල සමයේ (ක්‍රි.පූ 207-220) කාලයේ මධ්‍යම ආසියාවට හා ඉන් ඔබ්බට තම වෙළදාම ව්‍යාප්ත කරගැනීමේදී යොදා ගත් මාර්ගය ලෙසට සේද මාවත හැදින්වීමට පුලුවන්. මේ සේද මාවත ගොඩබිමින් වගේම මුහුදෙනුත් චීනයේ සිට යුරෝපයට ගමන් කරනවා. සේද මාවත පිළිබදව මනා අවබෝධයක් පහත රූපයෙන් ලබා ගන්න පුලුවන්. මේ විදිහට වෙළදාම මූලික කරගත් සේද මාවත ලොව ප්‍රධානම වෙළද මාර්ගය බවට ක්‍රමිකව දියුණු වෙනවා. වෙනීසියෙන් පටන් ගත් මාර්කෝ පෝලෝ ගේ මුහුදු ගමන සේද මාවත හා බැදුනු ආකාරය ඉතිහාස කතා වල බහුලව සදහන් වෙනවා. මේ සේද මාවතේ ප්‍...