Rally round the flag

Rally round the flag කියන සංකල්පය නැවත කරලියට පැමිණ තියනවා කෝවිඩ් -19 වසංගත තත්වයත් සමගම. මෙම සංකල්පය දේශපාලන විද්‍යාවේ මෙන්ම ජාත්‍යන්තර අධ්‍යනයේදීද රාජ්‍ය නායකයන් මූලික කරගෙන ගොඩ නැගෙන සංකල්පයක්.


මේ සංකල්පය ගැන කියන්න කලින් මෙහි ආරම්භය බැලිය යුතුය. දේශපාලන අධ්‍යනවේදියෙකු වූ John Muller විසින් 1970 දී පමණ ඇමරිකාව පදනම් කොට ගෙන රචිත "ජනාධිපති ජනප්‍රියතාවය : ටෲමන් ගේ සිට ජොන්සන් දක්වා" කෘතියේ මෙය සදහන් කරනු ලැබීය.

මෙම සංකල්පය යම් කිසි ව්‍යසනයකදී හෝ යුධමය අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ජනප්‍රිය තාවය තාවකාලිකව වැඩිවනු ඇත බවයි. එය පැහැදිලි කරදීම මෙම Rally round the flag effect හරහා සිදුකරනු ලැබයි. මේ තුළින් රාජ්‍යට එල්ලවන තිබෙන බලපෑම අවම කිරීම මෙම සංකල්පය යොදාගනු ලබයි.

John Muller විසින් ප්‍රධාන උපකල්පන තුනක් ඉදිරිපත් කරනු ලැබීය.
1. මෙය ජාත්‍යන්තර තත්වයක් විය යුතුය
2. මෙය ඇමරිකාව හා ඇමරිකානු ජනාධිපති සම්බන්ධ විය යුතුය
3. විශේෂිත , නාට්‍යමය හා තියුණු ලෙස අවධානය යොමු කර ඇත.

මෙයින් දෙවන උපකල්පනය හැර අනෙකුත් උපකල්පන දෙක මුලු ලොවටම මෙය අදාල කරගත හැක.

කෝවිඩ් - 19 තත්වයට අදාලද මෙම Rally round the flag සංඛ්‍යාත්මකව ගණනය කොට ඇත. මෙය යුරෝපය තුළ ගණනය කිරීමේදී


1. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ ජනප්‍රියතාවය 47% සිට 52% දක්වා වැඩිවී ඇත.
2. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ගේ ජනප්‍රියතාවය 38% සිට 51% ක් දක්වා වැඩිවී ඇත.
3. ජර්මානු චාන්ස්ලර් යුරෝපයේ වැඩිම ජනප්‍රියතාවයක් පෙන්වූ අතර 68% සිට 79% දක්වා වැඩිවී ඇත.
4. ඉතාලි අගමැති කොන්ටේ ගේ ජනප්‍රියතාවය 71% දක්වා වැඩිවූයේ යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාව ද පවතින යුගය

ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමග සැසදීමේදී

5. ඕස්ට්‍රේලියානු අගමැති මොරිසන් 64% ක් දක්වාද
6. නරේන්ද්‍ර මෝදි විසින් 82% ක්ද දක්වා තම ජනප්‍රියතාවය වර්ධනය කොට ගෙන ඇත


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද තම ජනප්‍රියතාවය 47% සිට 49% දක්වා වැඩි කොට ගෙන ඇත.

කෙසේ නමුත්
1. ජපාන අගමැති ශින්ශෝ අබේ ගේ ජනප්‍රියතාවය 28% කින් අඩු වූ අතර
2. බ්‍රසීල ජනපතිගේ ජනප්‍රියතාවය 47% කින් ද අඩුවී ඇත.

ඒ අනුව එම රාජ්‍යයන් වල ආණ්ඩුවට ජනතා ආකර්ෂණය ලබා ගැනීමට නොහැකි වී ඇත.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !