නිල් දියමන්තියේ අභිරහස


නිල් දියමන්‍තියේ අභිරහස කියලා ගොඩක් අය රහස් පරීක්ෂක කතා පොතක් කියවලා ඇති නේ. හැබැයි අද මේ කියන්නේ එහෙම රහස් පරීක්ෂක කතාවක් නෙමෙයි. රටවල් දෙකක් අතර දශක තුනක රාජ්‍ය තාන්ත්‍රික සබදතා වලට බාදාවක් උන හොරකමක් ගැන

1989 වන විට සෞදි අරාබියාවේ කුමාරයා ලෙස ඔටුනු පලන්දලා හිටියේ ෆයිසාල් බින් ෆහඩ් කියන කුමාරයා විසින්. මේ කුමාරයා සෞදි ආරාබියේ ප්‍රථම පාලකන් ගෙන් පැවත එන රාජවංශයේ පුරුකක්. මේ මාළිගාවේ සේවය කිරීම සදහා තෝරා ගත් දේශීය මෙන්ම විදේශීය සේවකයෝ රාශියක් හිටියා. ඒ අතරින් අද කතා නායකයා වෙන කෙනා තමා ක්‍රියාන්ග්කායි (Kriangraki Techamong) කියන්නේ. මේ උද්‍යාන වතු සේවකයාට සුවිශේෂි වරප්‍රසාදයක් හමුවෙනවා. ඒ වරප්‍රසාදය තමා රජුගේ ආභරණ ගබඩාව සුද්ධ පවිත්‍ර කිරීම

ඒ වරප්‍රසාදයත් සමග ක්‍රියාන්ග්කායි ට එක වෙලාවක හිතෙනවා "ඇයි මෙහෙම දුක් විදින්නේ එක පාර සල්ලිකාරයෙක් වෙන්න පුලුවන් කම තියෙද්දි කියලා" එහෙම හිතපු ක්‍රියාන්ග්කායි ‍කුමාරයාට සුවිශාල වෙච්ච ආභරණ ගබඩාවෙන් ආභරණ කිහිපයක් හොරකන් කරන්නේ කුමාරයාට ඒ පිළිබදව අවබෝධයක් නැති වෙයි කියලා හිතලා. හැබැයි බොහෝම අවසානවකට ක්‍රියාන්ග්කායි ඒ වෙලාවේ හොරකන් කරන්නේ "නිල් දියමන්තිය" ඇතුලු තවත් ආභරණ කිහිපයක්

නිල් දියමන්‍තිය කියන්නේ එවකට සෞදියේ රාජකීය පෙන්ඩන්ට් එක. ඒ කාලයේ එක මිලියන 20 ක් පමණ වටිනාකමකින් යුක්ත උනා. ක්‍රියාන්ග්කායි මේ ආභරණ ටිකත් අරන් එනවා එයාගෙ මව් රටට. ඒ තායිලන්තය. ඇවිල්ලා වටිනාකමෙන් ඉතා අඩු මුදලකට විකුණලා ජීවත් වෙද්දී තායි රාජකීය පොලීසිය මොහුව අත්අඩංගුවට ගන්නේ ඒ දියමන්තිය නැවත සෞදි කුමාරයාට ලබා දීමේ අරමුණින්. එහිදී ක්‍රියාන්ග්කායි ඔහු භාණ්ඩ විකුණු පුද්ගලයා නම් කරත් ඔහුට අවුරුදු 50 ක සිර දඩුවමක් ලැබෙනවා

ක්‍රියාන්ග්කායි මේ ආභරණ ටික විකුණන්නේ සන්ති සිතානාකන් කියලා ආභරණ වෙළෙන්දෙක්ට. මේ ආභරණ වෙළෙන්දා ලුහුබැන්ද පොලීසියට ආභරණයි වෙළෙන්දයි හමුවෙනවා. ඒත් ! ඒ ඔක්කොම ආභරණ බොරු ඒවා කියලා හදුන ගන්න වැඩි වෙලාවක් යන්නේ නෑ . ඒ වෙද්දිත් ඔහු ආභරණ ටික විකුණලා ඉවරයි .

නිල් දියමන්තිය හොයා ගන්නවත් නෑ !

මේ කාලයේ සෞදිය තම රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් එවනව තායිලන්තයට මේ පිළිබදව සොයා බලන්න. එනමුත් 1990 මේ කණ්ඩායමේ තුන් දෙනෙක් ඝාතනය කරනවා. රාජ්‍ය තාන්ත්‍රික ඝාතනයක් උනාට පස්සේ තායිලන්ත රජයට මහත් පීඩාවක් අන්තර්ජාතික මට්ටමෙන් එල්ල වෙනවා ඒ අපරාධකරුවන් සොයන ලෙසට. ඒ පරීක්ෂණ යන අතරතුර තවත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඝාතනය වෙනවා. දැන් ඔක්කොම 4 ක්. හැබැයි මේ කවුරු වත් ඝාතනය කරපු අපරාධකරුවන් හොයාගන්න නම් වෙන්නේ නෑ

මේ අතරතුර ක්‍රියාන්ග්කායි ගෙන් ආභරණ මිළදී ගත් සන්ති ඔහු ආභරණ විකුණූ පුද්ගලයන්ව පොලීසියට කියනවා. ඒ තොරතුරු ලබා ගන්නා අතරතුර සන්තිව පැහරගන්නවා. 1994 දී ඔහු දින තුනකට පැහැරගත් අතර සන්ති ගේ බිරිද සහ දරුවන් ඉන් ටික කාලෙකදී අභිරහස් රිය අනතුරකින් මිය යනවා

කෙසේ උනත් මේ දේවල් පිළිගන්න සෞදි ය සූදානම් වෙන්නේ නෑ. අදටත් නිල් දියමන්තිය ට වෙච්ච දෙයක් නෑ. ඒ වගේම මේ රටවල් දෙක අන්තර්ජාතික මට්ටමේ පසමිතුරෝ වෙලා.
1989 දී සෞදි අරාබියේ සේවය කල තායි සේවකයන් ගණන 200,000 ක් පමණ වුවත් අද ඒක 10,000 ක් වත් නැති තරම්. ඒ වගේම තායි ජාතියකයන්ට Mecca යෑමට වීසා ලබා ගැනීමට බොහෝ ලෙස අපහසු වෙලා තියෙනවා. මේ හොරකම නිසා තායිලන්තයට තායි මුදලින් 200 බිලියනයක් පමණ අහිමි උනා

කොහොම උනත් අවුරුදු තුනකින් රජුගේ උපන්දිනය දවසේ නිදහස ලබපු ක්‍රියාන්ග්කායි මේ වන විට භික්ෂුවක් වෙලා තියෙනවා

හැබැයි අදටත් නිල් දියමන්තිය සොයා ගන්න නැති උනාට ඒක තායි රජ පවුලේ ප්‍රභලයෙක් ගේ සම්බන්ධයක් ඇති කියලා මුලු ලෝකෙම විශ්වාස කරනවා

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !