පුලවාමා ප්‍රහාරය - 2019



1947 වර්ෂයේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමත් සමගම එවකට 'කුමාර රාජ්‍යය' ක් ව පැවති කාශ්මීරය ට අතිශය වැදගත් තීරණයක් ගැනීමට සිදුවිය. මුස්ලිම් ජාතිකයන් රාශියක් මෙහි ජීවත් වුවද එහි එවකට පාලකයා වූ මහාරාජා හරිසිං තීරණය කරනු ලැබුවේ ඉන්දියාව සමග එකතු වීමටය. දශක ගනනක් පුරා නොවිසිදුනු ප්‍රශ්න රාශියක මූලාරම්භය එය විය. අදටත් අන්තර්ජාතික දේශපාලනය තුල කාශ්මීරය යනු අර්බුදයකි. මෙම අර්බුදයේ නවතම සිදුවීම පුලවාමා ප්‍රහාරයයි.

2019 පෙබරවාරි මස 19 වන දින ඉන්දියානු සෙබලුන් රැගෙන ගිය රිය පෙලකට Jaish E Mohommad නම් ත්‍රස්ත්‍රවාදී කණ්ඩායම මරාගෙන මැරෙන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ නිළධාරින් 40 කට මරණයත් තවත් 35 දෙනෙකුට තුවාලත් ඇති කරමිනි. රහාරයට හේතුව ලෙස Jaish E ත්‍රස්ත නායක Masood Azar ගෙ බෑණනුවන් ඉන්දීය ප්‍රහාරයකින් මරා දැමීමට පළිගැනීමක් බව සඳහන්ව ඇත.
අලුයට ගිනි පුපුරු මෙන් පැවති ඉන්දියානු - පාකිස්තාන අර්බුදයද නැවත් ගිනිගන්නේ මේ වාතාවරණය තුලය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සම්පූර්ණ තීරණ ගැනීමේ අයිතිය ඉන්දීය ආරක්ශක අංශ වෙත ලබා දී ඇත. එමෙන්ම මෙම ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ බවද ඉන්දියානු පාලක මෙන්ම විපක්ෂයද නිරන්තරෙයෙන් චෝදනා කලේය.

මෙම තත්වය තුල සවුදි කුමරුගෙ පකිස්ථාන් සංචාරය නිසා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිහඬව සිටි පකිස්ථාන අගමැති ඉම්රාන් කාන් ජාතිය අමතා ප්‍රකාශ කලේ ඔහුට අනුව මෙම ප්‍රහාරයට පකිස්ථානයේ සම්බන්ධයක් නැති බවත් මෙම ප්‍රහාරයට පකිස්ථාන රජයේ සම්බන්දයක් ඇති බවට ඉන්දියාවට සාක්ශි ඇත්නම් ඒවා එළි කරන ලෙසත්ය. තමන් සාකච්ඡා මාර්ගයෙන් කාශ්මීර ගැටලුව සහ අනිකුත් ගැටලු නිරාකරණය කරගැනීමට ඕනෑම මොහොතක සුදානම් බවත් යම් හෙයකින් ඉන්දියාව තම රටට ප්‍රහාරයක් එල්ල කළහොත් පළිගැනීමට තමන් පසුබට නොවන බවට ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

මේ අතර උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල වෙසෙන පකිස්ථාන වැසියන්ට ඉන්දියාවෙන් පිට වීමට සහන කාලයක් ලබා දී ඇති අතර ලෝක වෙළඳ සංගමයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තිබූ Most favoured nation agreement එකද ඉන්දියාව විසින් අත් හිටුවා තිබේ. ඒ අනුව ඉන්දියාවෙන් පකිස්ථානය වෙත කෙරෙන සියලු අපනයන වලට 200%ක පමණ බදු වැඩි වීමක් වීමට නියමිතය. පකිස්ථානය ජාත්‍යන්තර හමුවේ හුදකලා කිරීමට ඉන්දියාව මේ වනවිට දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන අතර දැනට ක්‍රියාත්මක පකිස්ථාන සුපිරි ලීගයේ විකාශන දායකත්වයෙන් ඉවත් වීමට ඉන්දීය IMG- Reliance සමාගම තීරණය කොට ඇත. එමෙන්ම ඉන්දියාවේ රාජස්තාන්, මොහාලි සහ ධර්මසාලා යන ක්‍රීඩාංගන වල ඇති පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ රූප සහිත පුවරු ඉවත් කර ඇත.

සුප්‍රසිද්ධ T series සංගීත සමාගම පකිස්ථාන කලාකරුවන් වන Atif Aslam සහ Rahat Fateh Ali Khan ගේ සියලු ගීත යූටියුබ් නාළිකාවෙන් ඉවත් කර ඇත. එමෙන්ම Maharastra Nawanirmana sena නම් එකමුතුව විසින් ඉන්දියානු නිර්මාණ වලට පකිස්ථාන කලාකරුවන් සම්බන්ධ කර නොගන්නා ලෙසත්, දැනට කරගෙන යන නිර්මාණ අත්හිටුවන ලෙසත් දන්වා තිබේ.

මැයි 22 පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දු-පකිස්ථාන තරඟය පැවැත්වීම දැන් ප්‍රශ්නාර්ථයක්ව තිබේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිංග් පවසන අන්දමට ඉන්දියාවට මූලික වටයේදි පකිස්ථානය සමඟ තරඟය ක්‍රීඩා නොකරත් ඉදිරි වටවලට යා හැකි බවය. කෙසේ වුවත් ICC ආයතනය මේ දක්වා මේ සම්බන්ධව තම ස්ථාවරය ප්‍රකාශ කොට නැත.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !