තූසීඩිඩීස්ගේ උගුල : ඇමරිකාව හා චීනය
මානව සංහතියේ දියුණුතම අවදිය විදිහට අපිට ග්‍රීක යුගය දකින්න පුලුවන්. ග්‍රීසිය කියලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරපු රටක්. හැබැයි ඒ රාජ්‍ය තුලද වසර 30 ක් පුරාවට ක්‍රියාත්මක වුනු පෙලොපේනිසියානු යුද්ධය දැක ගැනීමට පුලුවන් උනා. එවකට පෞර රාජ්‍ය වුන ඇතෑන්ස් හා ස්පාර්ටා අතර ක්‍රියාත්මක වුනු මෙම යුද්ධය දැකපු එවකට සිටි දේශපාලන දාර්ශනිකයෙකු වූ තූසීඩිඩීස් ප්‍රකාශ කලේ " මෙම යුද්ධය නොවැළැක්විය හැකි වූයේ ඇතීනියානු බලයේ වර්ධනය සහ ස්පාටාව තුළ ඇති වූ බිය නිසා " යනුවෙනි. ඉතින් මේ කාරනාව ආරක්ශක උභතෝකෝටිකය එහෙම නැත්තන් Security dilemma තත්වය ඉතිහාසගත උනේ තුසිඩීඩස්ගේ උගුල යන අනුවරථ නාමයෙන්.
තුසීඩීඩියස් |
පෙලොපේනිසියානු යුද්ධය අවසන් වෙලා මේ වෙද්දී අවුරුදු 1000 කට ආසන්න කාලයක් ගත වෙලා. ඒ උනත් නැවත එවැනි යුද්ධයකට අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇමරිකාව හා චීනය අතර. චීනයේ ආර්ථිකමය හා දේශපාලනික නැගී සීටමට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය මත ඒ බව තීරණය වනු ඇත.
දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග ඇමරිකාව ලෝක සුපිරි බලවතෙක් බවට පත්වෙන්නේ සෝවියට් රුසියාව සමග. එතැන් පටන් සාර්ථක සීතල යුද්ධ සමයකට පසුවත් ලෝක බලවතා කියන නාමයට තරගයක් දෙන්න පුලුවන් රටක් ඔවුන්ට විරුද්ධව සිටියේ නෑ. ඒ උනත් Xi Jinping ගේ ආගමනයත් සමග තම ගමනේ U turn එකක් ගහපු චීනය one belt one road වැනි නව සංවර්ධන ක්‍රමෝපායන් සමග ලෝක බලවතා යන නාමයට තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමට සමත් වෙනවා
මේ වන විට ඩොලර් ට්‍රිලියන 12.24 ක දළ ජාතික නිෂ්පාදිතයකට උරුමකම් කියන චීනය ලොව ඕනෑම ආර්ථිකමය වාර්තාවක ඉදිරියෙන්ම ඇමරිකාව සමග තරග වදිමින් සිටිනවා. ඒ උනත් ඇත්තටම මේ රටවල් දෙක තුසීඩීඩියස් ගේ උගුලට අහුවෙයිද ?
රාජ්‍ය දෙකේ දළ දේශීය නිෂ්පාදිතයන්හි සංසන්දනය |
අවසන් වතාවට මේ වගේ ආරක්ෂක උභතෝකෝටිකයක් ලෝකේ ඇති උනේ බ්‍රිතාන්‍ය හා ජර්මනිය අතර. ඒකේ ප්‍රතිඵලය උනේ පළමු ලෝක යුද්ධය
ඒ උනත් ආර්ථික හමුදාමය න්‍යෂ්ටික දේශපාලනික රටවල් දෙකක් වෙන ඇමරිකාවයි චීනයයි තුසිඩීඩස්ගේ උගුලට අහු උනොත් ?
වෙන දේ හිතන්න ඔබට බාරයි
Comments