අළු මතින් නැවත ඇරඹෙන රුසියානු - යුක්‍රේන අර්බුධය


සෝවියට් සමූහාණ්ඩුව 1991 දී බිද වැටීමත් සමග ඒ වන තෙක් සෝවියට් සමූහාණ්ඩුවේ සාමාජිකයෙක් වූ යුක්‍රේනය ස්වාධීන ආර්ථික , දේශපාලන හා සමාජීය ගමන් මාර්ගයකට නැබුරුවිය. ඒ උනත් තම පැරණි සගයා වූ සෝවියට් රුසියාව සමග සැමවිටම යහපත් සම්බන්ධතා පවත්වාගෙන යෑම ඔවුන්ගේ අරමුණ විය. එයට හොදම උදාහරණය වන්නේ දැඩි රුසියානු ගැති පාලකයෙකු වූ Victor Yanukovych ගේ පාලන සමයයි. ඇතැම් අවස්ථා වලදී ගැටලු මතු වුවද බොහෝ විට යහපත් සබදතා පවත්වාගෙන යෑමට මෙම රාජ්‍ය දෙකට හැකි විය.


කෙසේ උනත් මෙම රටවල් දෙක නොවිසිදුනු දේශපාලන අර්බුධයකට මැදිහත් වෙන්නේ 2013 දීය. එවකට යුක්‍රේන ජනාධිපති වූ Victor Yanukovych විසින් යුක්‍රේන - යුරෝපානු සම්මුතිය අවසන් කොට රුසියාව වෙත නැඹුරු වීමට කටයුතු කිරීමට තීරණය කිරීමත් සමගය. මෙයට විරුද්ධ වූ සාමාන්‍ය ජනතාව දැඩි විරෝධතා අරගලයක් ආරම්භ කල අතට යුක්‍රේන ජනාධිපති ඇතුලු බොහෝ අමාත්‍යවරු රටින් පලා ගියේ මෙම තත්වය සමතයකට පත් කරගැනීමට නොහැකි වීමත් සමගය. ඒ අනුව අරගලකරුවන් සාර්ථක වූ අතර යුක්‍රේනයේ බලය විපක්ෂය විසින් ලබාගෙන තව දුරටත් යුරෝපානු සංගමය සමග රැදී සිටීමට තීරණය කරන ලදි.මෙම තත්වය උඩ එවකට යුක්‍රේනයට අයිති වූ ක්‍රිමියාවේ තත්වයද ගැටලු කාරී විය. ක්‍රිමියානු ආණ්ඩුව යුක්‍රේනයට සහයෝගය දැක්වීමට තීරණය කලද ක්‍රිමියාවේ ජීවත් වූ බහුතරයක් දෙනා රුසියාවට පක්ෂපාතී විය. " අපේ ජනපති පුටින්" ලෙසට ප්‍රකාශ කරමින් දෑකැති රැගෙන රුසියානු කොඩි ක්‍රිමියාව පුරා ප්‍රදර්ශනය කිරීමට ජනතාව කටයුතු කලේය. ලැබූ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත් රුසියාව ජාත්‍යන්තර ‍යුධ නීතිය පවා උල්ලංඝනය කරමින් 2014 පෙබරවාරි 27 ක්‍රිමියාව ආක්‍රමණය කලේය. මැතිවරණයෙන් 4% ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් Sergey Aksyonov ව බලයට පත් කලේ ඔහු රුසියානු හිතවාදියෙකු බැවිනි. 2014 මාර්තු 18 වන දින ගිවිසුමක් හරහා ක්‍රිමියාව රුසියාවේ සාමාජිකයෙකු වූයේ එලෙසය.


මේ අතීත කතාවයි. මේ තුළින් ආරම්භ වූ රුසියානු ක්‍රිමියා අර්බුධය ක්‍රමයෙන් වර්ධනය විය. ක්‍රිමියාව රුසියාවට ඇදා ගනිමින් පසුව නැගෙනහිර යුක්‍රේනයේද ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට රුසියාව සමත් විය. ක්‍රිමියාවට අමතරව Donbas ප්‍රදේශයද යුක්‍රේනයෙන් ඉවත් වී රුසියාවට එකතු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව Donbas ප්‍රදේශයට අයත් Donetsk හා Luhansk නගරද රුසියාව සමග එකතු විය.

2021 වසරේදී මෙම රටවල් දෙක අතර තිබූ මෙම ගැටුම නැවැත උත්සන්න විය. 2021 මාර්තු 3 වන දින හා සැප්තැම්බර් 1 වන දින රුසියාව මිලිටරි බේස් දෙකක් යුක්‍රේන දේශසීමාවේ නිර්මාණය කරන්නේ 80,000 කට ආසන්න සෙබලුන් පිරිසක් මෙම ප්‍රදේශ වෙත පිටත් කොටය. දෙසැම්බර් මාසය වන විට මෙම සෙබලුන් ප්‍රමාණය 125,000 ක් පමණ විය. මේ වැඩිවන සෙබල ප්‍රමාණය සමග 2021 දෙසැම්බර් මස ඇමරිකානු බුද්ධි අංශ අනතුරු ඇගවූයේ 2022 ජනවාරි අග හෝ පෙබරවාරි මස රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම ගැටුම ක්‍රමානුකූලව වර්ධනය වන විට යුරෝපානු රටවල් නායකයන් මෙන්ම ඇමරිකානු ජනාධිපතිද මේ සම්බන්ධව ප්‍රකාශ ඉදිරිපත් කරේ රුසියානු ආක්‍රමණයක් සිදු වුවහොත් නැවත යුධමය වාතාවරණයක් යුරෝපය තුළ ඇතිවන බවයි. ජනවාරි 20 වන දින රුසියාව විසින් පැසිෆික් හා අත්ලාන්තික් කලාපයේ රුසියානු යුධ නැව් 140 ක් , 60,000 කට අධික සෙබලුන් navy drills වලට පිටත් කරන්නේ ඔවුන්ගේ යුධමය ශක්තිය පෙන්වීමටය.

කොරෝනා අර්බුධය තුළ මුලු ලෝකයම ආර්ථික , දේශපාලන වශයෙන් බිදවැටීමකට ලක් වී සිටින මෙම කාලයේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කලහොත් එය බොහෝ දුරට තවත් විශාල මිනිස් සංහාරයක ආරම්භ වනු ඇත.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !