හිට්ලර්ට හමුවූ ඉන්දියානුවා


දෙවන ලෝක යුද්ධ කාල පරිච්ඡේදය ‍යනු මෙලොව අදුරුම යුගයකි. මුළු ලොවම 1939 සිට 1945 දක්වා කාලය තුළ යුධ බියෙන් ඇවිලී ගියේ මිලියන ගණනක් වූ මිනිසුන්ට තම ජීවිතය අහිමි කරමින් ය. එක් පසක ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පිළද අනෙක් පස ජර්මනිය ප්‍රමුඛ අක්ෂි පිළද යුධ වැදුනේ ලෝකයම තම අනසකට යටත් කරගන්නටය.

1939 දී ඇවිලුණු මෙම යුද්ධයේදී ඉන්දියානු ජාතික කොංග්‍රසය ඇතුළු ඉන්දියාව තීරණය කරනු ලැබුවේ යුද්ධයට සහභාගී නොවී සිටීමටය. එනමුත් එක් ඉන්දියානු රැඩිකල් තරුණයෙක් ඒ සදහා කැමති වුනේ නැත. 1935 දී Indian Struggle "ඉන්දියානු අරගලය" නම් කෘතිය ලියූ ඔහු වරක පැවසුයේ ඉන්දියාවට අවශ්‍ය වන්නේ ෆැසිස්ට්වාදය මුසු වූ කොමියුනිස්ට් වාදය බවයි. ඔහු අන් කිසිවෙකු නොව සුභාස් චන්ද්‍රබෝස් ය. 

සුභාස් චන්ද්‍රබෝස් යනු බොහෝ සෙයින් ඇඩොල්ෆ් හිට්ලර් ට සමාන ගති පැවතුම් තිබුන අයෙක් බව ඉතිහාස ය තහවුරු කරයි. 1938 දී හරිපූර් හි 51 වන කොංග්‍රස් සංවත්සරය සැමරීමේදී ඔහු කරත්ත 51 ක් කාන්තාවන් 51 ක් හා සංගීත කණ්ඩායම් 51 ක් සහිත විශාල උත්සවයක් සංවිධානය කොට ඇත. 

දෙවන ලෝක යුද්ධය ආරම්භයත් සමග බොසේ ට අවශ්‍ය වූයේ ඉන්දියාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන්  මුදවා ගැනීමත් අක්ෂි පිළ ට එකතුවීමත් ය. Arzi Hukumat - Azad Hind නැමැති නිදහස් ඉන්දියාව සම්බන්ධ අදහස ඔහු නිර්මාණය කරන ලදි. ඔහුගේ ප්‍රසිද්ධම කියමන වූයේ " ඔබ මට ලේ දෙන්න මම ඔබට නිදහස දෙන්නම් යන්නය". එමෙන්ම හිට්ලර් විසින් ගොබෙල්ස් යොදා මාධ්‍ය ඔහුගේ නාසි ජර්මනිය නිර්මාණය කිරීමට යොදගත්තා මෙන්ම බොසේ ද ජර්මානු ආධාර මත Azad Hind Radio නම් ගුවන්විදුලු චැනලයක්ද ආරම්භ කරන ලදි.

1941 වන විට බොසේ ගේ බ්‍රිතාන්‍ය විරෝධි ආකල්ප වැඩිවීම සමග ඔහුව සිරගත කරත් ඔහු දින 7 ක ආහාර වර්ජනයක් කිරීම සමග නිදහස් කරන ලදි. එහිදී ඇෆ්ගනිස්තානය හරහා මොස්කව් වලට පැන ගිය බොසේ ඉන් පසු රෝමයට පැමිණියේය. ඉන් පසු ඔහු ජර්මනියේ බර්ලින් නුවරට යන ලදි. එහිදී Indian legion ය නිර්මාණය කල බොසේ " මා සැමදා සේවය කරන්නේ ජර්මානු ජාතියේ හා රජයේ නායක ඇඩොල්ෆ් හිට්ලර් හට බවත්" ප්‍රකාශ කොට ඇත. 1942 මැයි මස හිට්ලර් විසින් පෞද්ගලිකවම බොසේ ව මුන ගැසී ඇත.

කෙසේ වුවත් හිට්ලර් රුසියාව ආක්‍රමණය කිරීම පිළිබද කලකිරුණු බොසේ ජපානයට පැමිණ ඇත. බොසේ ඉන්පසුව සෝවියට් හමුදා සමග ඉන්දියාව නිදහස් කරගැනීමට සාකච්ඡා කිරීමට යාමේදී ඔහු ගමන් ගත් ගුවන් යානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඝාතයන වූ අතට ඔහුගේ ශරීරය දැඩි ලෙස විකෘති විය

කෙසේ වුවත් ඇතැමුන්ගේ මතය බොසේ නැවත ජර්මනියට පැමිණි බවත් හිට්ලර් සමග අවසාන මොහොත තෙක් සිට එම බංකරයෙන් දිවිගලවාගෙන පසුව සාමාන්‍ය ජීවිතයක් ගත කර බවත් ය.

එනමුත් 1939 වන විට සුභාස් චන්ද්‍රබෝස් ඉන්දියානු කොංග්‍රසයේ නායකයාව සිට ඉන්දියාවද අක්ෂි පිළ සමග යුද්ධයට එලබුනානම් අද අපි කතා කරන මෙම ලෝකය සෑහෙන්න වෙනස් එකක් වීමට තිබුණි

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !