ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය


1936 වසරේදී ඇමරිකාවේ මීළග ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණය පැවත් වීමට නියමිතව තිබුණා. 1929 දී මුලු ලෝකයටම බලපෑ දරුණු ආර්ථික පරිහානිය නිසා wall street ඇතුලු සමස්ත ඇමරිකානු ආර්ථිකය බටකෑපු යුගයක් තුළ ඇමරිකානු අනාගතය තීරණය කරනු ලබන මැතිවරණයක් බවට මෙය පත් උනා. එමෙන්ම 1939 දී ලොව ඇරඹු දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබදව ලෝක වාසී ජනතාවට ඉගි ලබා දෙන හිට්ලර් ගේ ක්‍රියාකලාපයද මේ වෙද්දී ඇමරිකාවට දැනිච්ච කාලයක්.


1936 දී ඇමරිකාවේ ජනාධිපති වීමට තරගවදින්නේ ඩිමොක්‍රටික් අපේක්ශක ෆ්‍රෑන්ක්ලීන් රූස්වේල්ට් ට එරෙහිව (Franklin D. Roosvelt) රිපබ්ලිකින් අපේක්ශක ඇල්ෆ් ලැංඩන් (Alf Landon). මෙම මැතිවරණයට තරග වදින විටත් ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් ඇමරිකානු ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටියේ 1932 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්.

රූස්වෙල්ට් තම පළමු ධූරකාලයේදී බිදවැටුණු ආර්ථිකය නැවත ගොඩනගන්න New Deal ලෙස ආර්ථික සැලැස්මක් හදුන්වා දෙනු ලැබුවා. ඒ වගේම ඒ පිළිබදව දැඩි ජනප්‍රසාදයක් තිබුණු නිසා රූස්වෙල්ට් ට වැඩි වාසියක් මැතිවරණයේදී තිබුණා.

එනමුත් මැතිවරණ ප්‍රතිඵලය කිසිවෙකුත් බලාපොරොත්තු නොවුන මට්ටමේ ජයග්‍රහණයක් උනා. 1936 දී මැතිවරණ විද්‍යාල 531 ක් කරා සටන් වැදුණු ගමනේදී රූස්වෙල්ට් මැතිවරණ විද්‍යාල 523 ක් ජයගැනීමට සමත් වී තිබුණා. එය ප්‍රතිශතයක් වශයෙන් 98.49% ක් වෙනවා. ඇමරිකානු ඉතිහාසයේ වැඩිම මැතිවරණ විද්‍යාල සංඛ්‍යාවක් ජයගත් ප්‍රතිශතය ලෙස අදටත් සදහන් වන්නේ මෙය. එහිදී ජනපද 48 න් 46 ක් රූස්වෙල්ට් ජයගනිද්දී ලැංඩන් ට ජනපද දෙකක් සහ මැතිවරණ විද්‍යාල 8 ක් හිමි උනා. මුළු ජන්ද ප්‍රතිශතයෙන් 60.8% ක් රූස්වෙල්ට් හිමි කරගෙන මෙම ඓතිහාසික ජයග්‍රහණයේ උරුමකරු උනා.



කෙසේ නමුත් වැඩිම මැතිවරණ විද්‍යාල සංඛ්‍යාවක් දිනාගැනීමේ ගෞරවය හිමි වන්නේ 1984 දී දෙවන වරටත් ජනාධිපති වූ රොනල්ඩ් රේගන් හට. ඔහු මැතිවරණ විද්‍යාල 538 න් 525 ක් ජයගැනීමට සමත් වෙනවා. එනමුත් එය ප්‍රතිශතයක් ලෙස 97.5% ක් වන නිසා ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් ගේ මැතිවරණ වාර්තාව බිදහෙලීමට අසමත් උනා


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ ඉතිහාසය

සියුස් සහ දෙවියන් වහන්සේ

සේද මාවත දිගේ එන මරණය !